Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලංකාවේ ප්‍රථමවරට රට පුරා එකතු වෙන ඉවතලන පෑන්, බුරුසු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක්

ඇට්ලස් සමාගම, පරිසර අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන භාවිතයෙන් ඉවත් කරන කාබන් පෑන් හා ප්ලාස්ටික් පරිසරයට එක්වීම වලක්වන විශේෂ පාරිසරික වැඩසටහන සමග අත්වැල් බැඳගත් බව පසුගියදා නිවේදනය කළේය.

”නීතියක් නෙවෙයි විනයක්” යන තේමාව මුල් කොටගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම විශේෂ පාරිසරික වැඩසටහන තමන් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් පෑන් සහ දත් බුරුසු කසළ ලෙස බැහැර කිරීමෙන් වැළකී ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පුරුද්ද පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන් තුළ ද ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. විශේෂයෙන් වත්මන් දරු පරපුර තුළ පරිසර හිතකාමී ආකල්ප රෝපණය කිරීම හරහා අනාගත සමාජය ගුණදායක සමාජයක් බවට පත්කර ගැනීමත්, ඒ හරහා පරිසර දූෂණය අවම වූ දැයක් ගොඩනැගීමටත් මෙම වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ.

සාමාන්‍යයෙන් දිනකට පාසැල් පද්ධතිය තුළ පමණක් ඉවත ලන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වනවා. ඒ අනුව වසරකට පාසැල් පද්ධතිය මගින් පරිසරයට බැහැර කරන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 29,000 ඉක්මවයි.

පරිසරවේදීන් විසින් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් ඉවත ලන පෑන් බට හා දත් බුරුසු දිරාපත් වීම සඳහා වසර 100- 500 දක්වා කාලයක් ගත වන බවයි.

මෙය සැලකිල්ලට ගනිමින් පාසල්, රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන මෙන්ම වෙනත් අංශ විසින් දිනපතා බැහැර කරන කාබන් පෑන් බට ප්‍රතිචක්‍රීකරණය කිරීම මේ මඟින් සිදු කරනවා.

මේ අනුව සෑම පාසැලකටම හිස් පෑන් හා දත් බුරුසු බැහැර කිරීම සඳහා විශේෂ බහාළුමක් හඳුන්වා දීමට නියමිතයි. මෙම බහාලුමකට පෑන් බට 2000ක් හා දත්බුරුසු 500ක් බැහැර කළ හැකියි.

මෙම වැඩසටහන යටතේ නිර්මාණය කරන ලද විශේෂ ප්‍රතිචක්‍රීයකරණ බඳුන පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාරදුන් අතර, මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර, ඇට්ලස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවීර සහ පරිසර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වුණා.

දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩ සටහනේ විශේෂත්වය වන්නේ පරිසර අමාත්‍යාංශය හා ඇට්ලස් සමාගම විසින් සිදු කරන මෙම ඉවත දමන පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩ පිළිවෙළක් ඇරඹෙන්නේ මේ රටේ ප්‍රථම වතාවට වීමයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Cartoon by Awantha Artigala

Read Next

අවන්ත ආටිගලගේ කාටුනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!