Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලංකාවේ මිනිස්සු අවුරුදු දෙකට කෝටි 18000 ක මාස්ක් දාලා

ශිරාන් රණසිංහ – divaina.lk

මෙරට ජනතාව ඉකුත් වසර දෙක තුළදී මුව ආවරණ (මාස්ක්) මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 18,000 කට අධික මුදලක් වැය කර ඇතැයි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව දිනකට මුව ආවරණ (මාස්ක්) මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වැය කරන බවට ද ගණන් බලා තිබේ. ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන මොහොතක වසංගතයෙන් බේරීම සඳහා දිනපාතම පාහේ මුව ආවරණ මිලදී ගැනීමට සිදුව තිබෙන නිසා මුව ආවරණවලට පාලන මිලක් නියම කරන්නේ නම් ඉතා වටිනා බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

පාසල් යන දරුවන් දෙතුන් දෙනකු සිටින පවුලක පියා පමණක් රැකියාව කළත් මුඛ ආවරණ හතරක් මිලදී ගැනීමට උදෑසනම රුපියල් හැටකට වැඩි මුදලක් වැය කිරිමට සිදුව තිබේ. මුව ආවරණ විවිධ මිල ගණන්වලට විකුණන නිසා එම ගණන් වෙනස් වන බව ද හෙතෙම කියා සිටියේය. බස් ගාස්තු, ආහාර පානවල මිල ගණන් විශාල ලෙස ඉහළ නැග තිබෙන මොහොතක දිනපතාම මාස්ක් එකක් අලූතින් මිලදී ගැනීමට සිදුව තිබීම දුප්පත් පවුලකට කළ නොහැකි දෙයක් යැයි ද නමුත් කිසිවකු ඒ පිළිබඳ කතා කරන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මාළු හොරු (02)

Read Next

Sri Lanka reports over 11,500 coronavirus recoveries today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!