Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ර⁣ටින් එන බිත්තර මෙරට බේකරි එපා කියයි?

aruna.lk

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර කල් ඉකුත්වන දිනයක් පිළිබඳ නොදන්නා නිසාත්, එහි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසාත් බොහෝ බේකරි හිමියන් විදේශ රටවලින් ගෙන්වන බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්,මේ අනුව බිත්තරයක් භාවිතකළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් එම සංගමයේ සභාපති කමල් පෙරේරා සඳහන් කළේය.

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොරවුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි ටික පවා වසා දැමීමට සිදුවන බවත්, මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ජූනි සිට ප්ලාස්ට්ක් හා පොලිතින් නෑ

Read Next

ඇත්දළ දෙකකට දෙපාර්ශ්වයක් හිමිකම් කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!