Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රෝහල්වල ඖෂධ 151ක හිඟයක්

aruna.lk – වරුණි පෙරමුණ

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට පසුගිය මාර්තු මාසයේදී තීරණය වූ අතර අගෝස්තු මාසය වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ක්‍රියාවට නංවනු ලැබීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන එකසිය දාහතරක මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ ගෙන්වීමට වෙන් කර තිබූ අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන හැට අටයි දශම පහක් ඖෂධ මිලදී ගැනීම සඳහා වියදම්කොට ඇත.

එසේ වුවද තවත් ඇමරිකානු ඩොලර් මිලියන හතළිහක පමණ මුදලක් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වනවිට ඉතිරිව තිබේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දාහත්වැනිදා වන විට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ එකසියපනස් එකක්, ශල්‍ය වෛද්‍ය උපකරණ භාණ්ඩ පන්දහස් දෙසිය හැත්තෑ අටක්, විකිරණශීලි උපකරණ දහඅටක්, රසායනාගාර උපකරණ අටසිය පනහක ප්‍රමාණයක් හිඟව පැවතුණි.

ඒ අනුව ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම හිඟ ඖෂධ සහ උපකරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අදාළ ලිපි ලේඛන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය ණය යෝජනා ව්‍යාපෘතියට ලබා දී තිබේ.

නමුත් මෙම ණය යෝජනාවෙන් මුදල් ලබා ගැනීමට ඇති ක්‍රමවේදයේ දීර්ඝ බව හේතුවෙන් ඖෂධ සැපයුම්කරුවන් ඉන් මුදල ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද වාර්තා වෙයි.

එසේම මේ වනවිට මෙරටට ඖෂධ ගෙන්වනු ලබන සැපයුම්කරුවන්ට ඇමරිකානු ඩොලර් බිලියන විස්සක ණය මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතුව ඇත.

මෙම තත්ත්වය නිසා මෙරටට ඖෂධ ගෙන්වීමේ බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තවමත් මෙරට රෝහල්වල ඖෂධ වර්ග එකසිය පනස් එකක දැඩි හිඟයක් පවතින බව වාර්තා වෙයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඔමික්‍රොන් නව ප්‍රභේදය ඉන්දියාවෙත්

Read Next

ඩෙංගු මර්දනය වෙනුවෙන් විශේෂ දින දෙකක් ප්‍රකාශයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!