Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි… අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක් තියලා…

www.colomboxnews.com

දරු ප්‍රසූතියෙන් පසුව මවගේ ලේ වහනය වීම වැළැක්වීම සදහා භාවිතා කරන “අර්ගෝමෙට්‍රින් ” (Ergometrine) නැමැති ඖෂධයේ සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය මිලියන ගණනක් නොගෙවීම හේතුවෙන් එම ඖෂධය සැපයීම නතර කිරීමට ඔහු ක්‍රියාකිරීමත් සමග එම ඖෂධ මාතෘ රෝහල්වල හිඟවෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධය වෛද්‍ය සැයුම් අංශය සතුව ඇත්තේ සති දෙකකට ප්‍රමාණවත් තොගයක් බවත් ඉන්දියාවෙන් හදිසි මිලදී ගැනීමක් කර ඇති බැවින් එය ලැබෙන තෙක් මෙම ඖෂධය තිබෙන රෝහල්වලින් නොමැති රෝහල්වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේය.

කෙසේ නමුත් අප කළ සොයා බැලීමේදී මෙම ඖෂධය මාතෘ රෝහල්වල අතිරික්තව නොමැති බැවින් වෙනත් රෝහල්වෙත ලබා දීමක් සිදුනොවන බවද දැනගන්නට ලැබිණි.

පසුගිය දිනක මහමෝදර රෝහලේ දරුප්‍රසූතියක් සිදුකළ මවට ඇතිවූ අධික රුධිර වහනය නතර කිරීම සඳහා අර්ගෝමෙට්‍රින් ඖෂධය පෞද්ගලික රෝහලකින් ලබා ගැනීමට එම විශේෂඥ වෛද්‍යවරයාට සිදුව ඇති බවත් දැනට පවතින ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික රෝහල්ද මෙම ඖෂධය ලබා දීමට කැමැත්තක් නොදක්වන බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ගෙන් විමසු විට ඔහු සඳහන් කළේ මෙම ඖෂධ මේ වන විට ඉන්දියාවෙන් හදිසි මිලදී ගැනීමක් කර ඇති බැවැනි ඉදිරි දින කීපය තුළ ලංකාවට පැමිණීමට නියමිත බවය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Read Next

උතුරු-නැගෙනහිර සතුන් මියගිය හේතුව හෙළිවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!