Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රිදීමාලියද්ද උක් කර්මාන්තයට ඉඩම් ලබාගැනීම සම්බන්ධ නඩුකරය

SC FR 317 / 2018

මෙම මූලික අයිතිවාසිකම් නඩුකරය 2018 ඔක්තෝබර් මස 11 වන දින ගොනු කර ඇත්තේ මහවැලි විශේෂ කලාපයට අයත් මහඔය, රිදීමාලියද්ද සහ පදියතලාව යන දිස්ත්‍රීක් ලේකම් කොට්ඨාශවල පිහිටි සීනි-පුනර්ජනන විදුලිබලය සහ එළකිරි සම්බන්ධ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියට (බිබිල) යොදවාගෙන ඉඩම් උක් වගා කිරීමට පමණක් ගොවිබිම් සීමා කිරීමට එරෙහිවයි.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වශයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය, තුසිත නාමල් සංජීව සහ කිඹූල්ඔබ්බේ හේරත් මුදියන්සේලාගේ ප්‍රේමසිරි බණ්ඩාර යන අයද, වගඋත්තරකරුවන් වශයෙන් Bibila Sugar Industries Ltd. මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහවැලි අධිකාරිය, වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ, රිදීමාලියද්දෙහි ප්‍රාදේශීය ලේකම් සහ නීතිපති ද පෙනී සිටී.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1)(ට) සහ 14(1)(ය) උල්ලංඝනය කරමින් ස්ථාපිත කළ උක්ත සංවර්ධන ව්‍යාපෘතිය නවත්වන ලෙසත් වගඋත්තරකරුවන්ගෙන් ඒ සඳහා ලැබුණු අනුමැතිය ආරම්භයේ සිටම බලරහිත සහ ශුන්‍ය බවට නියෝග කරන ලෙසත්, මින් ගොවි ජනතාවගේ ජන ජීවිතයට සිදුවන බලපෑම් වැළැක්වීමට නියෝග කරන ලෙසත්, මේ සඳහා ඉඩම් අත්පත් කරගැන්ි ම නවත්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සාම්ප්‍රදායික බෝග වගාවන් සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසත් ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් නඩුකරය ගොනු කර ඇත.

Chandana Sesath Jayakody

Read Previous

අත් වැල්තොට කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධ නඩුකරය

Read Next

කල්පිටියේ පිහිටි ස්වාභාවික වැලි කඳු සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!