Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රාජ්‍ය වියදම් කැපෙයි: සේවක බඳවාගැනීම් කල්යයි, අතිකාල දීමනා සීමාවෙයි

උපුටාගැනීම බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

රාජ්‍ය වියදම් පාලනය තවත් දැඩි කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන නව චක්‍රලේඛයක් නිකුත් කළේ ය.

නව චක්‍රලේඛයට අනුව ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම යනාදී සීමාවන් තවදුරටත් සියලුම රාජ්‍ය ආයතන විසින් දැඩිව අනුගමනය කළ යුතු බව දක්වා ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට
ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැ යි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

එම අමාත්‍යංශය පවසන්නේ, ඒ සමගම රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ පිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණක් බවට පත්ව ඇති බව යි.

මෙම අභියෝගකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවය වන නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින්, එතෙක් රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදාගැනීමට හැකි වන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇතැ යි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඖෂධ හිඟය: “ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාත්මක කාලයක්”
අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සතියක් කල් දෙයි
එබැවින් විවිධ චක්‍රලේඛ මඟින් දැනටමත් හඳුන්වා දී ඇති ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම, දේශීය අරමුදල් මඟින් සිදුකරනු ලබන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යංශය හෝ ආයතන මට්ටමින් සිදු කරනු ලබන විවිධ දීමනා ගෙවීම අත්හිටුවීම සහ විවිධ සුබසාධන/ සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර නොගැනීම යනාදී සීමාවන් තවදුරටත් සියලුම රාජ්‍ය ආයතන විසින් දැඩිව අනුගමනය කළ යුතු ය.

ඊට අමතරව, වියදම් දැරීමේ දී සහ දේශීය අරමුදල් භාවිතයෙන් කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පහත දැක්වෙන ආකාරයේ වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද මුදල් අමාත්‍යංශය අවධාරණය කළේ ය.

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් මෙරටට ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කළේ ය.

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් මෙරටට ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කළේ ය.

සියලු ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවයි
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වැඩ හෝ භාණ්ඩ මිලදී ගැනීම සඳහා (අයවැය යෝජනා ද ඇතුළත්ව) ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති/ ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීම
කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම් ගතවී තිබුණ ද, මෙතෙක් කටයුතු ආරම්භ කර නොමැති ව්‍යාපෘති වැඩ හෝ භාණ්ඩ මිල දී ගැනීමේ කටයුතු නැවැත්වීමේ හැකියාව සොයා බලා කටයුතු කිරීම
කටයුතු ආරම්භකර ඇති නමුත් අමුද්‍රව්‍ය හිඟය, වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය හෝ වෙනත් හේතූන් නිසා ඉදිකිරීම් කටයුතු නවතා ඇති හෝ අඩු ප්‍රගතියක් වාර්තා කර ඇති ව්‍යාපෘති වැඩ හා භාණ්ඩ මිල දී ගැනීම් නැවැත්වීම, තෝරාගත් ඉදිකිරීම් හෝ මිල දී ගැනීම් පමණක් සිදු කිරීම හෝ, එම ව්‍යාපෘති වැඩ හෝ භාණ්ඩ මිල දී ගැනීම් කල් තැබීමට කටයුතු කිරීම. මෙහිදී අදාළ කොන්ත්‍රාත් කරුවන් සමග එකඟතාවකට පැමිණ, කොන්ත්‍රාත්කරුවන්ට සහ රජයට අවාසියක් නොවන පරිදි කටයුතු කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. අර්ධව සම්පූර්ණ කරන ලද යටිතල පහසුකම් ව්‍යාපෘති අත්හිටුවීමේ දී එම යටිතල පහසුකම් භාවිතා කරන ජනතාවට වන අපහසුතා අවම වන පරිදි හා ඒවායේ දිගුකාලීන පැවැත්ම තහවුරු වන පරිදි අත්‍යවශ්‍යම කොටස් නිම කළ යුතු ය
අයවැය යෝජනා ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන තිබුණ ද මෙතෙක් ආරම්භ කර නොමැති හෝ බැඳීම් ඇතිකර ගෙන නොමැති ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීම
ආරම්භ කිරීම සඳහා නිශ්චිත අනුමැතියක් ලබාගෙන නොමැති ව්‍යාපෘති සඳහා ඉඩම් හෝ වෙනත් වත්කම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ නොකිරීම
මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන්කර ඇති ප්‍රතිසම්පාදන භාවිතයෙන් සිදුකරනු ලබන විවිධ ද්‍රව්‍ය භාණ්ඩ හා උපකරණ බෙදා දීම් සහ රජයේ ආයතන විසින් බැංකු පද්ධතිය මඟින් ලබාදෙන ණය සහන හැර අනෙකුත් සහන ණය ලබාදීම හා මූල්‍යාධාර ලබාදීම සමාලෝචනය කර අත් හිටුවීම
සේවක බඳවාගැනීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණ ද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීම
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීම
සේවා අවශ්‍යතාවය මත අමාත්‍යංශ ලේකම්වරුන්ගේ/ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම් යනාදිය සමාලෝචනය කර, පොදුවේ සියලුම නිලධාරී කණ්ඩායම් වෙත ලබාදීම වෙනුවට සත්‍ය වශයෙන් කාර්යයේ නියැලී සිටින නිලධාරීන්ට පමණක් සීමා කිරීම
රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබාදෙනු ලබන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම
රාජ්‍ය ආයතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විද්‍යුත් ක්‍රම භාවිත කිරීම මඟින් ලිපිද්‍රව්‍ය භාවිතය හා මුද්‍රණ කටයුතු සඳහා වන පිරිවැය අවමකර ගැනීම
සියලුම සුබසාධන හා සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර ඒවා අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීම
සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව/ පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලු අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීම හා විවිධ අයුරින් ලබාගන්නා අතිකාල දීමනාවල එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම
වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ඉක්මවා වියදම් දැරීමට අධිකාරි බලයක් නොමැති බැවින් ඉදිරියේ දී ප්‍රතිපාදන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කිසිදු ගෙවීමක් නොකිරීම
නිල වාහන භාවිතයේ දී අනුමත හිමිකම ඉක්මවා වාහන භාවිත කරන බවට වාර්තා වී ඇති බැවින්, නිල හිමිකම් අනුව එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාව තුළ භාවිත කිරීමට වගබලා ගැනීම
අනවශ්‍ය වියදම් ලෙස සැලකිය හැකි සියලුම වියදම්, රාජ්‍ය ආයතන මඟින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අනවශ්‍ය හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවීම සහ ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකිරීම
වර්ෂය තුළ වියදම් දැරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවල ඉතිරිවීම් ඇත්නම් සාම්ප්‍රදායිකව සිදු කරන පරිදි ඒවා වර්ෂය අවසන්වීමට පෙර වෙනත් වියදම් සඳහා යොදවා නොගත යුතු ය. එවැනි ප්‍රතිපාදන මාරු කිරීම සඳහා පසුව කරනු ලබන ඉල්ලීම් සුවිශේෂී අවස්ථාවල දී හැර භාණ්ඩාගාරය විසින් සලකා බලනු නොලැබේ
පවත්නා අභියෝගකාරී තත්ත්වය සමනය වන තෙක් රජය සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා, ආයතන විසින් අදාළ විධිවිධාන අනුගමනය කරනු ලබන බවටත්, ඉදිරියේ දී තීරණයක් ගන්නා තෙක් අඛණ්ඩව එම විධිවිධාන මත පිහිටා කටයුතු කරන බවටත් සියලුම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් වගබලා ගත යුතු බව ද මුදල් අමාත්‍යංශය අවධාරණය කළේ ය.

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක්
පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් මෙරටට ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කළේ ය.

ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා ජනපති හමුවී ප්‍රකාශ කර ඇත.

ලෝක බැංකුවේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්විණි.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිත ය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ලෝක බැංකු නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

THE RATION SCHEME FOR PESTICIDES REVERSED!

Read Next

Agricultural experts warn of looming food crisis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!