Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රසායනික පොහොර සඳහා කළ වියදම කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් – ජනපතිගෙන් උපදෙස්

අද දෙරණ

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තෙරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, එය යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය.

අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මෙම උත්සහායේදී ගොවියාට අපහසුතාවයක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවට එම මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුය.

නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දී ඇත.

එහිදී පොහොර නිෂ්පාදකයෝ පවසා ඇත්තේ, කන්න කිහිපයක් ඇතුළත කෘෂි කර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බවය.

රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැයකරයි.

එම මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පියවර රැසක්ගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය කෙරිණ.

ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටින බවද මෙහිදී අනාවරණය වී ඇත.

කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.

දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගැනීමටත්, වී ඇතුලු වෙනත් භෝගවලට අනුව පොහොර බෙදාදීමට අවශ්‍ය යාන්ත්‍රණයත් සකසා අවසන් බව විෂයභාර අමාත්‍යවරු පෙන්වා දී තිබේ.

ඒ අනුව මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදියයුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාගන්නැයි ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තොරතුරු මූලාශ්‍රය

http://sinhala.adaderana.lk/news/153186/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A—%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A

Admin

Read Previous

ගිනි ගන්නා නෞකාව පරීක්ෂා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමක්

Read Next

කැලණි මෝයේ සිට මාඔය දක්වා සමුද්‍ර දූෂණයක් – පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!