Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රසායනික පොහොර තහනම: කාබනික පොහොර ආනයනය රසායනික පොහොර භාවිතයට වඩා භයානක වෙයිද ?

ෂර්ලි උපුල් කුමාර – බීබීසී සිංහල

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය ගත් තීන්දුව අනුව 2021 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මහ කන්නයේ සිට වගා කටයුතු සඳහා කාබනික පොහොර භාවිත කිරීමට ගොවීන්ට සිදුවේ. එය සංකල්පයක් ලෙස ඉතා වැදගත් වන අතර රටක් ලෙස අභියෝගාත්මක තීන්දුවකි.

රසායනික පොහොර තහනම ගැන මේ දිනවල වැඩි අවධානයක් යොමුවී ඇති අතර ඇතැමුන් ඊට කණස්සල පළ කරද්දී තවත් පිරිසක් කාබනික පොහොර භාවිතයේ වටිනාකම ගැන මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරති. එහෙත් මේ ගැන මත පළ කරන්නන් රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට නැත.

කාබනික පොහොර අවම අවශ්‍යතාව ටොන් මිලියන තුනක්
ඉදිරි මහ කන්නය සඳහා වී ඇතුළු ආහාර භෝග සඳහා පමණක් අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය අවම වශයෙන් ටොන් මිලියන 03ක් පමණ වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ඊට අමතරව තේ, පොල් සහ රබර් ඇතුළු අනෙකුත් වගා සඳහා ද කාබනික පොහොර අවශ්‍ය වේ. කාබනික පොහොර අවශ්‍යතාවයෙන් උපරිම ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කිරීමටත්, ඊට අමතරව කාබනික පොහොර ආනයනය සඳහාත් පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ කෘෂි බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 15කි. ඉන් වසරකට වගා කරන ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 13ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් සපයන දිස්ත්‍රික්ක වන්නේ අම්පාර, මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව වේ. ඉන් දිස්ත්‍රික්ක හතරක් උතුරු මැද හා නැගෙනහිර පළාත් දෙකට අයත්ය.

කාබනික පොහොර නිෂ්පාදනය යෝජනා මට්ටමේ තිබියදී තහනම ”හදිසි තීරණයක්” ද ?
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන්නේ 2021 ජුනි 07 වැනිදා ය. එමෙන්ම නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කඩිනම් වැඩපිළිවලක් සකස් කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ජුනි 09 වැනිදා සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය. දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන පළාත් පාලන ආයතනවලට එම කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය එහිදී දන්වා තිබුණි.

”දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට.”
ඡායාරූප ශීර්ෂ වැකිය,
”දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බැට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට.”

මේ අතර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ගොවීන් ලියාපදිංචි කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇත.

මෙවැනි කරුණු මත පැහැදිලි වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සැලසුම් සකස් කරන අවස්ථාවේදීම රසායනික පොහොර තහනම් කිරීමට රජය ‘හදිසි තීරණයක්’ ගෙන ඇති බව යැයි ඇතැම්හු චෝදනා කරති.

”හීනෙන් බයවෙලා වගේ මේ ගත්තු තීන්දුව අවිද්‍යාත්මකයි. දශක පහක් තිස්සේ අපි වගා කරපු ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. පාරිසරික වගාව, කාබනික ගොවිතැන කියන්නේ ඉතාම හොඳ සංකල්පයක්. නමුත් කාබනික පොහොර ගොවියාට ලබා දීමට අදාළ සමස්ත ක්‍රියාවලියට ආණ්ඩුවට සැලැස්මක් නෑ. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේකට වැඩපිළිවලක් හදාගෙන යනවා කියලා. දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බැට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට.” යනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේය.

කෙසේ වෙතත් මෙය රජය ගත් හදිසි තීරණයක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී සඳහන් කළේය.

”මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට කියලා දෙන්න ඕනා. මේක මගේ මේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම අයවැයේදී අපි පැහැදිලිව කිවුවා අපි මෙතනට යන්නේ කියලා. මේක රටට විතරක් නෙමෙයි, ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕනා.” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

“නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ගෝඨාභය රාජපක්ෂ පොරොන්දුවක් ලබා දී තිබුණි.

එම ඉලක්ක ජය ගැනීම සඳහා “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” නමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත්කර ඇත.

සම්පූර්ණ ලිපිය කියවන්න

Chandana Sesath Jayakody

Read Previous

China nuclear plant is fixing a ‘performance issue’

Read Next

Germany bans male chick culling from 2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!