Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදයක්

dinamina.lk

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කරයි

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඉහත කි ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වන විට අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වනබැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී තිබු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදී.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වන දින නිකුත් කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන් (Regulations) අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇත.

කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොර වන්නේ අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු අධික්ෂණය යටතේ මාස 6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මගින් හරිතාගාර (greenhouse) තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා (hydroponics) හා වායු පෝෂක වගා (aeroponics) සහ විසිතුරු මල් වගා (floriculture) කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය (chelated) කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබා දී ඇත.

එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මගින් ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්,පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් (capsule) හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10kg හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබා දී ඇත.

මෙම සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර ඇත.

මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.

නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළයුතුය. යන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

පාසල් බිමේ ගස් 10ක් හිතුමනාපෙට කැපූ විදුහල්පතිනිය රිමාන්ඩ්

Read Next

පරිසර දූෂණයවන පරිදි කැළිකසළ බැහැර කරන ආයතනවලට නඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!