
සංජීවනී ගිනිගද්දර, මහාචාර්ය, කෘෂිකර්ම පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය – www.divaina.com
ලොව විවිධ රටවල් පාරිසරික කෘෂිකර්මාන්තය/කාබනික කෘෂිකර්මාන්තය සඳහා ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හා ඒවායේ අසාර්ථක භාවය සොයනවාට වඩා, ශ‍්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මේ ප‍්‍රතිපත්තිමය තීරණය දෙස සාධනීයව බලා, ඒ සඳහා විවිධ පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වන්නේ කෙසේද යන්න වටහාගෙන ඉක්මනින් ඒ සඳහා පෙළ ගැසීම කාලෝචිත යැයි හැෙඟ්. මේ සඳහා කෘෂි විෂය ක්ෂේත‍්‍ර ප‍්‍රවීණයන් කෘෂිකර්මය එක් පුළුල් විෂයක් ලෙස දකිමින් තමාගේ විෂය පථයට අනුව සිය දායකත්වය දැක්විය යුතු වේ.
ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණයත් සමඟ පැන නැගී ඇති සමාජ කතිකාවන් විවිධ මානයන් ඔස්සේ දිවෙන අතර ඔහුගේ මෙම තීරණය සඳහා කැබිනට් අනුමැතිය අපේ‍්‍රල් මස හිමිවූ අතර රජය ප‍්‍රකාශ කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අන් කරුණුවලට වඩා වැදගත් බැවින් මෙම තීරණය ගත් බවයි. මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා සිදුවන විවිධ සංවාද, සාකච්ඡුා දෙස බලන විට පෙනීයන්නේ ඒ පිළිබඳව පළවන අදහස්, එම අදහස් දක්වන විවිධ අයවලූන්ගේ අධ්‍යාපන, රැකියා, දේශපාලන, පෞද්ගලික ආදී විවිධ කරුණු හා බද්ධ වී ඇති බවයි. මෙයින් ප‍්‍රධාන කාරණය ලෙස මා දකිනුයේ විෂය ප‍්‍රවීණයන් විසින් සිදුකරන අදහස් දැක්වීම් හෝ මත ප‍්‍රකාශ කිරීම් බොහෝ විට එක් එක් පුද්ගලයාගේ දැනුම් මට්ටම සමඟ සමපාත වන බවයි. එය අප බලාපොරොත්තු වියයුතු හා සාමාන්‍යයෙන් සිදුවන ස්වභාවයයි.
කෘෂිකර්මය නමැති මහා විෂයය, බෝග, සත්ව, පාංශු, කීටවිද්‍යා, ආර්ථික ආදී විවිධ අනු විෂයයන් වලට අධ්‍යයනයේ පහසුව තකා බෙදා ඇති අතර, මේ එක් එක් විෂයයක් සඳහා විශේෂඥයෝද විශාල ප‍්‍රමාණයක් සිටින අතර ඉහත අදහස් දැක්වීම් බොහෝ විට සිදුවන්නේ එම එක් එක් අයවලූන්ගේ විෂය ක්ෂේත‍්‍රයන්ගේ ප‍්‍රවීණත්වය සමඟ බද්ධවය. මෙහිදී සිදුවන්නේ තමන්ගේ අදාළ විෂය ක්ෂේත‍්‍රය තුළින් පමණක් මෙම ප‍්‍රශ්නය දෙස බැලීමට යෑම වන අතර මේ හරහා සිදුවන්නේ කෘෂිකර්මය නමැති මහා විෂයය කුඩා විෂයයන් රාශියකට වෙන්කර සිදුකරගෙන යන ඓතිහාසික වැරැුද්ද මෙම අවස්ථාවේදීත් සිදු කිරීමයි. අන්තයේදී කුඩා කොටස් වලට කඩා ඇති කෘෂිකර්මය විෂයය තුළින් විශ්ලේෂණාත්මක ලෙස යම් ප‍්‍රශ්නයක් දෙස බලනවාට වඩා ‘කෘෂිකර්ම පද්ධති සංකල්පය’ තුළින් සංශ්ලේෂණාත්මක ලෙස එදෙස බලා සමස්ත චිත‍්‍රය දැකීම තුළින් පිළිතුරක් ලබා ගැනීම වඩාත් පහසු හා උචිත බව මා විස්වාස කරමි.
‘කෘෂිකර්ම පද්ධති සංකල්පය’ තුළින් සිදුවන්නේ මානව වර්ගයාගේ පෝෂණය සපයා දෙන කෘෂිකර්මය එක් චක‍්‍රයක් ලෙස දැකීමයි. මෙහිදී, ආහාර නිෂ්පාදනය හා එය මානව වර්ගයාගේ පරිභෝජනය හරහා ගොස් එම ආහාර, නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සැපයූ පසට අදාළ සාධාරණය ඉටුකරන්නේ කෙසේද යන්නට නිසි පිළිතුරක් සපයාගැනීම තුළින් අපගේ ප‍්‍රශ්නයටද නිසි පිළිතුරක් සපයාගත හැකිවේ. මෙය ‘පාංශු පෝෂණය තිරසාරව පවත්වාගැනීම’ ලෙස සරලව දක්වාලිය හැක. මෙයද විෂයයන් තුළින් විශ්ලේෂණාත්මකව බලා පහදා ගැනීමට යෑම සංකීරණ ක‍්‍රියාවලියකි. එහෙයින් මේ පහදා ගැනීම විද්‍යාවේ විෂයයන් තුළින් බලනවාට වඩා ස්වභාවයේ එය සිදුවන ආකාරය දෙස බැලීම වඩාත් සුදුසු බව හැෙ`ග්. ස්වභාවික වනාන්තරයක සිදුවන ක‍්‍රියාවලිය දෙස බැලීමේදී පෙනීයන්නේ වනාන්තරයේ ශාක විසින් එහි ජීවත්වන අනන්ත සංඛ්‍යාවක් ලොකු කුඩා ජීවීන්ට ආහාර නිපදවීම සිදුකරමින් එම ක‍්‍රියාවලිය නොනවත්වා, තිරසාරව සිදුකරගෙන යන බවයි. මෙහිදී නිරීක්ෂණය වන තවත් එක් වැදගත් කරුණක් වන්නේ ආහාර හිගවීම්, රෝග හා පළිබෝධ හානි ආදිය වාර්තාවන්නේ ඉතා කලාතුරකින් වන බව හා එම තත්ත්වයන්ද ඉතා ඉක්මනින් එම පද්ධතිය විසින්ම නිවැරදි කරගන්නා බවයි. මෙම තිරසාරභාවය පවත්වාගෙනයෑම සඳහා වනාන්තරය විසින් යොදාගන්නා ප‍්‍රධාන උපක‍්‍රමය වන්නේ පසේ සාරවත්භාවය වන අතර එය සිදුකරනුයේ පසෙන් ලබාගන්නා දේ හැකි ඉක්මනින්ම පසට නැවත ලබාදීමෙන්ම වන අතර මේ සඳහා වර්ධනය හා දිරාපත්වීම යන ක‍්‍රියාවලින් දෙක අතර සමතුලිතතාවය නොකඩවා පවත්වාගෙන යයි.
මිනිසා විසින් සිය ආහාර නිෂ්පාදනය සඳහා බෝග වගා කිරීමේදී සිදුකරනුයේ ස්වභාවයේ සිදුවන වර්ධනය හා දිරාපත්වීම යන අවස්ථා දෙක අතර සමතුලිතතාවය බිඳහෙළා වර්ධන අවස්ථාව ඉක්මන් කරවීමයි. දිරාපත්වීමේ ක‍්‍රියාව මගින් පාංශු පෝෂණය පවත්වාගෙන යනවා වෙනුවට රසායනික පොහොර නමැති ආගන්තුක ද්‍රව්‍ය පසට එකතු කොට දිගටම බෝග අස්වැන්නක් ලබාගැනීමට උත්සාහ කරයි.
බෝගයක ජීවන චක‍්‍රය දෙස බැලීමේදී එහි සියලූම අවස්ථාවන් එකිනෙකට සමීප සම්බන්ධතාවකින් පවතින අතර ඒ සියලූම අවස්ථාවන් එක හා සමාන වැදගත්කමකින් යුතුවේ. අවැදගත් දේ ලෙස හැෙඟන කිසිවක් නැත. බෝගයක ජීවන චක‍්‍රයද වර්ධනය හා දිරාපත්වීම යන ක‍්‍රියාවලි දෙකින් සමන්විත වන අතර එකක් අනෙකින් ප‍්‍රතිපූරණය වේ. වර්ධන අවස්ථාව දෙස බැලීමේදී පස මගින් බෝග ලබාදෙන අතර ඒවා සතුන්ටද ආහාර වේ. බෝග හා සත්ව ද්‍රව්‍ය ආහාර ලෙස ලෙස ලබාගැනීමෙන් හා ජීරණයෙන් සෞඛ්‍ය සම්පන්න මානවයකු බිහිවන අතර ඔහුගේ යුතුකම වනුයේ තමන් පෝෂණය වීමට මුලික වූ පසෙහි සාරවත් භාවය ඒ ආකාරයෙන්ම පෝෂණ ගුණයෙන් යුතුව පවත්වා ගැනීමයි. අප මෙහිදී සලකා බැලිය යුත්තේ පාංශු පෝෂණය, ස්වභාවික ක‍්‍රමයටම එනම් දිරාපත්වීමේ ක‍්‍රියාවලිය මගින් තිරසාරව පවත්වාගෙන යන ආකාරයෙන්ම රසායනික පොහොර මගින්ද, පවත්වාගෙන යා හැකිද යන්නයි.
බෝග වගාව මගින් අපේක්ෂා කළ යුත්තේ රටක ජනතාවට සිය පෝෂණ තත්ත්වයන් උසස්ම අන්දමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය ආහාර, ආර්ථිකව දරගත හැකි මට්ටමකින් හා පරිසර හිතකාමීව නිපදවා ගැනීමට අවශ්‍ය සුදුසුම ක‍්‍රමවේදයන් තෝරා ගැනීමයි. මන්ද යත් රටකට ඉතාම වැදගත් සම්පත වන්නේ එහි වෙසෙන ජනතාව බැවිනි. රටක ජනතාව නිරෝගිමත් හා සෞඛ්‍ය සම්පන්නව සිටින්නේනම් එහි අනෙක් සියලූ කරුණුද ඉතාමත් යහපත්ව සිදුවනු ඇත. මේ අනුව පෙනීයන්නේ නිරෝගිමත් ජනතාවක් සඳහා අවශ්‍ය පෝෂණය පවත්වා ගතහොත් රටක සෙසු සියලූ කරුණුද ජයගැනීම පහසුවනු ඇති බවයි.
පසේ සාරවත්බව කාබනික හා රසායනික පොහොර මගින් සපිරෙන ආකාරය
ශාකයට අවශ්‍ය සරල අයන පස මගින් ලබාදීම පසට යොදන පොහොර මගින් සිදුවේ. පස හා ශාකය අතර සම්බන්ධය ඇති වන්නේ ශාකයේ පිහිටි මූලකේෂයන් මගිනි. මූලකේෂ යනු අලූත් මුල්වල පිටතට්ටුවේ දිග්ගැස්සීම්ය. ඒවායේ කාර්යය වන්නේ හරිත පත‍්‍රවල ආහාර නිෂ්පාදනයට වුවමනා ජලය හා පාංශු ජලයේ දියවුණු ඛනිජ ලවන සිදුරු සහිත පරාසයේ බිත්තිවල තිබෙන තුනී තෙතමන පටලයන් හරහා උරාගැනීමයි. ශාකයේ මූල පද්ධතිය ආසන්නයේම පිහිටි සිදුරු සහිත ක්ෂුද්‍ර පාංශු කලාපයේ කටයුතු එම කලාපයේ පවතින පාංශු වාතනය මත රඳා පවතී. එම කලාපයේ මනා පාංශු වාතනයක් පවත්වා ගැනීම සඳහා ප‍්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් හා කාබන්ඩයොක්සයිඞ් ඉවත් කිරීමක් අවශ්‍ය වේ. මේ සඳහා පස හා වායුගෝලය අතර ස්පර්ශය පවත්වාගෙනයෑම ඉතා වැදගත් වේ.
පස පොහොර කිරීමේ කාර්යයේදී රසායනික හා කාබනික (හියුමස්) හැසිරෙන්නේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ආකාරයෙනි. රසායනික පොහොර මගින් අවශ්‍ය ඛනිජ කොටස ලබාදීම පමණක් සිදුකරන අතර කාබනික පොහොර/හියුමස් මගින් පසේ වාතනය, තෙතමනය හා පස හා ශාකය අතර ගනුදෙනු පහසු කරන උපක‍්‍රමය වන දිලිරකමුල සම්බන්ධතාවද ඇතිකරයි.
මේ අනුව සාරවත් පසක් යනු කාබනික ද්‍රව්‍ය /හියුමස් වලින් පොහොසත් පසක් වන අතර ඒ තුළ වර්ධන ක‍්‍රියාවලිය ඉක්මනින්, සුමටව හා කාර්යක්ෂමව සිදුවේ. එවැනි පසක වර්ධනය වන බෝගයක පරිපූර්ණ වර්ධනයක් හා රෝග හා පලිබෝධ වලට ඉහළ ප‍්‍රතිරෝධීතාවක් වැනි ගුණාංග පවතී. හියුමස් යනු අමිල ස්වභාවික සම්පතකි. එය ශාක, සත්ව හෝ ක්‍ෂුද්‍ර ජීවී ද්‍රව්‍ය මෙන් භුතාර්තයකි. රසායනික වශයෙන් සංකීර්ණය. පසෙහි ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ ක‍්‍රියාවලින් සිදුවන්නේ මේ භුතාර්තය තුළය. තවද හියුමස් යනු සෑම තැනකදීම එකම නොවේ. ඒ ඒ තත්ත්වයන් අනුව නිර්මාණය වූවකි. එය ජීවමාන වන අතර තම පෝෂණය හියුමස්වලින් ලබාගන්නා ක්ෂුද්‍ර ජීවින් අනන්ත සංඛ්‍යාවක් එහි වසයි. ස්වභාවික තත්ත්වයේදී හියුමස් ගතිකය. ස්ථිතික නොවේ. මෙවැනි ජීව ගුණයන්ගෙන් යුත් ද්‍රව්‍යයක්, ඇමෝනියා, පොස්පරස් හෝ පොටෑසියම් අඩංගු රසායනික පොහොර මල්ලක් සමඟ සැසඳිය නොහැකිය. තවද පසක සාරවත් බව එහි පවතින පෝෂක මූලද්‍රව්‍ය ප‍්‍රමාණය මතම ප‍්‍රකාශ කරන්නේ නම් එයද නිවැරදි නොවේ. රසායනික පොහොර මගින් සිදුවනුයේ පසට මෙවැනි ජීවගුණයක් සහිතව පෝෂණ ද්‍රව්‍ය ලබාදෙනවා වෙනුවට සමහර බැර ලෝහයන් ද සමඟ පසේ පවතින ජීවගුණයටද හානිකරමින් බෝගයට පෝෂක සැපයීමයි. තවද කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් පසක් මගින් ලැබෙන අස්වැන්න රසයෙන්, ගුණයෙන් හා කල්තබා ගැනීමේ ගුණයෙන් ඉහළය. ආහාර තෘප්තිය අතින් ඉහළ අතර පරිභෝජනය කළ යුත්තේ අඩු ප‍්‍රමාණයකි (සත්ව ආහාර සම්බන්ධයෙන් තත්ත්වයද එසේමය). සාපේක්ෂව රසායනික පොහොර මගින් ලැබෙන ආහාරය රසය, ගුණය,
කල්තබගැනීමේ හැකියාව අතින් හීනය.
මේ අනුව බලන කල, රසායනික පොහොර කබනික පොහොර/හියුමස් සඳහා ආදේශකයක් නොවේ. මක්නිසාද යත් පස ජිවත් වියයුතු නිසාවෙනි. රසායනික පොහොර යෙදීම ආර්ථිකවද ලාබදායි නොවන්නේ එයින් පසේ නියම පාංශු සාරත්වය හෙවත් ජීවගුණය නැතිවී යන නිසාවෙනි. නිසරු පසක් නිසා ඇතිවන නිරෝගී නොවන ජනතාවක් ආරක්ෂා කිරීම සඳහා වැයවන (රෝහල්, වෛද්‍ය මණ්ඩල, ඔෘෂධ) මුදල්ද ආහාර නිෂ්පාදනයේ වියදමට එකතුකොට සලකා බැලිය යුතු නිසාවෙනි. මේ අනුව රසායනික පොහොර යනු අප විසින් යොදාගන්නා අපටම අවාසිදායක විසඳුමක් ලෙසද සැලකිය හැකිය.
රජය විසින් ගන්නා ලද තීරණයට එකඟ නොවන්නන් බොහොමයක්, එය තීරණයේ වරදක් ලෙස නොදකින අතර ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක කිරීමට නිසි සැලැස්මක් හා අවශ්‍ය තරම් කාලයක් ඒ සඳහා නැති බව පවසා සිටියි. ඔවුන් පෙන්වාදෙන ප‍්‍රධාන කාරණා වන්නේ රසායනික පොහොර හදිසියේ නැවැත්වීම මගින් වගාවන් සඳහා විශාල ප‍්‍රමාණවලින් වුවමනා වන කාබනික පොහොර සපයාගන්නේ කෙසේද; දැනට වගාකරන වැඩිදියුණු බෝග ප‍්‍රභේදයන් වඩා ප‍්‍රතිචාර දක්වන්නේ රසායනික පොහොරවලටය; තේ වැනි වතුවගාවන් සඳහා අවශ්‍ය ප‍්‍රමාණවලින් කාබනික පොහොර සපයන්නේ කෙලෙසද හා ඒවා යෙදීමේදී ඇතිවේයැයි සිතන තත්වයන්ය.
‘ප‍්‍රශ්න ඇතැයි සිතෙන්නේ කාබනික පොහොරවල වරදක් නිසාවෙන් නොව, අප එය දකින ආකාරය නිවැරදි නොවන නිසාවෙන්, පාංශු සාරත්වය යන්නට වැරදි අර්ථකථනයක් දීමෙන් හා කාබනික හා රසායනික පොහොර අර්ථ දැක්වීම හා සංසන්දනය නිවැරදි ආකාරයෙන් සිදුනොකිරීමයි’ යන්න මගේ පෞද්ගලික මතයයි. පසේ සාරවත්බව, පරිසර හිතකාමී ලෙස දීර්ඝ කාලීනව ලබාදෙන කාබනික පොහොර පසේ ජීවගුණයන් නසා තාවකාලික අස්වැන්නක් විවිධ ප‍්‍රශ්න මතුකරමින් ලබාදෙන රසායනික පොහොර හා සමතත්ත්වයේ ලා සැලකීම නොකට යුතුය. කාබනික පොහොර යනු රසායනික පොහොර මෙන් මුළු ප‍්‍රමාණයම පිටතින් ලබාදිය යුතු දෙයක් නොව, අවශ්‍ය ප‍්‍රමාණයෙන් වැඩිකොටස පස සැකසීමේ උපක‍්‍රමයන් තුළින්ම ලාබදායි ලෙස ගොවිපළ තුළින්ම සපයා ගතහැකි දෙයක් වේ. යොදාගන්නා උපක‍්‍රමයන් වෙනස් වුවද සියලූ බෝග සඳහා මෙය පොදුය. තවද පසක් සාරවත්නම් කුමන වර්ගයේ බෝග වුවද ප‍්‍රතිචාර දක්වන්නේ එකම ලෙසිනි. එමනිසා වැඩි දියුණු කරනලද හෝ නොකරන ලද බෝග ලෙස වර්ගකිරීමක් මෙහිදී අවශ්‍ය නොවේ. මෙම ප‍්‍රශ්නාර්ථයන් එක් එක් බෝගය සඳහා වෙනවෙනම ගෙන සාකච්ඡ්ා කළ හැකි වුවද ලිපියේ දීර්ඝත්වය සලකා එය මෙහිදී සිදුනොකරමි.
ඉහත කරුණු අනුව මා සිතනුයේ රජයේ රසායනික පොහොර තහනම අප සුබවාදී අවස්ථාවක් කොට සලකා ඒ සඳහා අප කොතරම් කැපකිරීමක්, වෙහෙසක් දැරිය යුතුද යන්න හා එමගින් අපට පෙරලා ලැබෙන ප‍්‍රතිලාභයන් මොනවාද යන්න නිවැරදිව වටහාගෙන රටේ ජනතාවගේ නිරෝගිමත්භාවය තීරණය කරන ප‍්‍රධාන සාධකයක් වන පාංශු පෝෂණය තිරසාරව පවත්වාගැනීම සඳහා අවශ්‍ය පිළියම් නිවැරදිව හා හැකිතාක් ඉක්මනින් ආරම්භ කිරීමයි.
ලොව විවිධ රටවල් පාරිසරික කෘෂිකර්මාන්තය/කාබනික කෘෂිකර්මාන්තය සඳහා ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හා ඒවායේ අසාර්ථක භාවය සොයනවාට වඩා, ශ‍්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මේ ප‍්‍රතිපත්තිමය තීරණය දෙස සාධනීයව බලා, ඒ සඳහා විවිධ පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වන්නේ කෙසේද යන්න වටහාගෙන ඉක්මනින් ඒ සඳහා පෙළ ගැසීම කාලෝචිත යැයි හැෙඟ්. මේ සඳහා කෘෂි විෂය ක්ෂේත‍්‍ර ප‍්‍රවීණයන් කෘෂිකර්මය එක් පුළුල් විෂයක් ලෙස දකිමින් තමාගේ විෂය පථයට අනුව සිය දායකත්වය දැක්විය යුතු වේ. සාමාන්‍යයෙන් මිනිස් සමාජයේ නගර ක‍්‍රියාකරන්නේ ගොවිබිමේ පරපෝෂිතයන් ලෙසය. නගර පරිපාලකයන් විසින් තම ආර්ථික වාසි හෝ පරිපාලන පහසුව තකා අපද්‍රව්‍ය ලෙසින් ඉවත් කරන්නේ තමන් විසින් ගොවිබිමට ආපසු ගෙවිය යුතු ණයක්/තමන් විසින් ගොවිබිමට ආපසු මුදාහැරිය යුතු පාංශු සාරත්වයේ කොටසක් බව හඳුනාගෙන ගොවිබිමට එම කොටස් නැවත ලබාදීම තම යුතුකමක් ලෙස සලකා ඒ සඳහා සුදුසු පියවර ගැනීම එක් උදාහරණයකි. අතීතයේදී අන් ජාතීන්ට කළ නොහැකි දේ කර පෙන්වූ ජාතියක් ලෙස, මේ අවස්ථාවේදීද රසායනික කෘෂිකර්මයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට මාරුවන, මේ සංක‍්‍රාන්ති කාලය ඉතා ඉවසීමෙන් හා උපක‍්‍රමශීලීව, මනා දැක්මෙන් යුතුව කළයුතු බව නැවතත් අවධාරණයෙන් යුතුව මතක් කරමි.
තොරතුරු මූලාශ්‍රය
https://divaina.com/daily/index.php/visheshanga3/59633-2021-06-08-13-02-27