Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රතුපස්වල සිද්ධිය සම්බන්ධ නඩුකරය

CA WR 385 / 2013

මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වල, නැදුන්ගමුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත විදේශ රටවලට අපනයනය කිරීමේ අරමුණින් රබර් අත්වැසුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සිදු කරන වේනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පරිසරයට හා භූගත ජලයට නිකුත්වන විෂ රසායනික ද්‍රව්‍ය නිකුතුව නවතා දමන ලෙසටත් කර්මාන්ත ශාලාව වසා දමා සිදුවන පරිසර හානිය වැළැක්වීමට කටයුතු කරන ලෙසටත් බලකරමින් අභියාචනාධිකරණයෙහි ගොනු කළ මැන්ඩාමුස් රිට් නඩුකරයයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව නම් කොට ඇත. මෙම කර්මාන්තය සහ ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ ප්‍රශ්නගත ස්ථානයෙන් ඉවත් කොට වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට සමාගම එකඟ වීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

Chandana Sesath Jayakody

Read Previous

නිල්ගල රක්ෂිතයෙහි වන විනාශයට එරෙහි නඩුකරය

Read Next

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!