
බීබීසී සිංහල වෙබ් අඩවියෙන්
අවසරයකින් තොරව බාහිර පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ ආකාශ චෛත්‍ය පිහිටි ස්ථානය වෙත ඇතුළු වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර ඒ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් නීති විරෝධීව එම ස්ථානයට ඇතුළු වී ඇති බවට එල්ල වෙන චෝදනාව පිළිබඳ BBC සිංහල සේවය කළ විමසීමකදීය.
අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනෙකුට පමණක් අවසර ලබා දෙන බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර නිකුත් කළ බව කියන ලිපියක් සමාජ ජාල තුළ සංසරණය වේ.
තමන් එවැනි අවසරයක් ලබා දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා BBC සිංහල සේවය වෙත තහවුරු කළේය.