
silumina.lk
මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ඉදිවන ඉහළ ඇලහැර ඇල මාර්ගයේ කැණීම් කරන ලද ගල් මත සිරවී සිටි වන අලියෙකු මුදා ගැනීමට ඊයේ (13) ඇලහැර වනජීවි නිලධාරිහු පියවර ගත්හ.
ව්‍යාපෘතියේ කම්කරුවෙකු විසින් සිදුකරන ලද දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වු ඇලහැර වනජීවි නිලධාරිහු අලියා මුදා ගැනිමට කටයුතු කළේය.
පෙරේදා රාත්‍රියේ (12) මෙම වන අලියා ඉහල ඇලහැර වාරි ඇලට වැටි ඇති බව ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී.බණ්ඩාරනායක මහතා කියා සිටියේය.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැන්වෙන ඉහළ ඇලහැර ඇල ඔස්සේ මහකනදරාව දක්වා මොරගහකන්දේ ජලය ගෙන යාමට යෝජිතය.
තොරතුරු මූලාශ්‍රය
http://www.silumina.lk/2021/06/14/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92