Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂාකිරීමට අධිකරණ නියෝගයක්…!

පරිසර යුක්ති කේන්ද්‍රය සහ හේමන්ත විතානගේ විසින් මුතුරාජවෙල අභය භූමිය සහ මුතුරාජවෙල පාරිසරික ආරක්ෂණ කලාපයත්, එය ආශ්‍රිත තෙත්බිමත් සංරක්ෂණය කරන ලෙසත් එම ප්‍රදේශය විවිධ නීතිවිරෝධී
ක්‍රියාකාරිකම්වලින් මුදවාගන්නා ලෙසත් , එසේ නීතිවිරෝධී කටයුතු වල නිරතව සිටි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා ගොනුකරන ලද මුතුරාජවෙල ආශ්‍රිත නඩුව අද (4 ) දින කැඳවන ලදී.

මෙම නඩුව ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ඔවුන් නියෝගකලේ මුතුරාජවෙල අභයභූමියේ එක (1) කොටස සහ දෙක (2) කොටස ඇතුළත් මුළු අභයභූමිය මායිම් යොදා ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස කටයුතු කරන ලෙසයි. විශේෂයින්ම එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින පාරිසරික ආරක්ෂණ කලාපය මායිම් සහ දැන්වීම්පුවරු යොදා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම පරිසර අධිකාරියටත් නියෝගකරන ලදී. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිස්පතිවරයාටත් , මිනුම්පතිවරයාටත්, එම ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී. තවද මෙම මායිම් භෞතිකව ලකුණු කිරීමෙන් පසු ඒවා ආරක්ෂිතව තබාගැනීමටත්, එම මායිම් විනාශකරන අයට විරුද්ධව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාටත් නියෝගයක් නිකුත්කරන ලදී.

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා, අධ්‍යක්ෂ ජනරාල්-වනජීවී සංරක්ෂණ, වනසංරක්ෂණ ජනරාල්, කෘෂි සේවා කොමසාරිස් ජෙනරාල්, අධ්‍යක්ෂ ජෙනරාල් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, වත්තල, මීගමුව සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි

Chandana Sesath Jayakody

Read Previous

CEJ assists to uplift the living standards of less privileged communities.

Read Next

මෙරට මුහුදු සීමාවට පැමිණි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ විශේෂ මෙහෙයුමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!