Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මුතුරාජවෙල ඉඩමක් විදුලිබල මණ්ඩලයට පවරා දෙයි

www.aruna.lk

මෙගාවොට් 300ක LNG විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනා

මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක මෙගාවොට් 300ක LNG විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

එයට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එම ඉඩම් කොටස මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිවී ඇත.

ඒ අනුව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එම ඉඩම් කොටසේ වෙළෙඳපොළ වටිනාකම අය කරගෙන එය ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිවී තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Counselling session with marginalised communities

Read Next

ත්‍රිකුණාමලයේ අවශේෂ කැලෑ අක්කර 3100 ක් ගොවිතැනට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!