Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මිනිස් ඉතිහාසය: අලුත් කවුළු දොරක් – පොළොවේ මඩතට්ටු අනුව කෙරෙන විමර්ශනයක්

බීබීසී සිංහල වෙබ් අඩවිය

විද්‍යාඥයන් කණ්ඩායම් ගංගා ඉවුරු සහ තෙත්බිම්වල පොළෝ කුහරය තුළට ලෝහ සිලින්ඩර යවමින් පස් සාම්පල පොළොව මතුපිටට ලබාගත්හ. ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබෙන්නේ මිනිස් වර්ගයා සොබාදහම කෙරෙහි ඇතිකරන ලද බලපෑම තේරුම්ගැනීම සහ එම බලපෑමේ ආරම්භය කවරකාලයක ආරම්භ වීද යන්න ආදිය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමය. ලද ප්‍රතිපලය වූයේ කලින් අනුමාන කරන ලද කාලයට වඩා ඈත අතීතයක මිනිස් වර්ගයා සොබාදහම සමඟ සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නැවත අවධානය යොමුකළ යුතුව ඇති බව පෙන්නුම් කිරීමය.

”එය පුදුම සහගතයි-හරිම සිතාගන්නා සුලුයි” ඔන්ඩ්‍රෙජ් මොට්ල් (Ondrejj Mottl) පවසයි.

ඔහුගේ සිත ප්‍රීතියෙන් උතුරායාමට මුල්වූ ද්‍රව්‍යය කුමක්ද? මඩ.

ආචාර්ය මොට්ල් සහ ඔහුගේ කණ්ඩායමේ සගයන් තෙත්බිම් සහ විල් පතුල්වල පස අතරින් කිඳා බස්වන ලද සිලින්ඩර උපයෝගීකර ගනිමින් මඩ සාම්පල ලබා ගැනීමට පියවර ගත්හ. ඉතා දිග එකිනෙකට පුරුද්දන ලද එම සිලින්ඩර මගින් පොළොවෙන් මතුපිටට ඇදගනු ලබන මඩ සාම්පල සමඟ මෙයින් වසර දහස් ගණනකට පෙර එම පසෙහි වැඩුන තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් ඇතුළත් වෙයි.

”මෙය මානව වර්ගයාගේ අතීතයට පිවිසෙන කවුළු දොරක්” නෝර්වේ ‘බර්ගන්'(Bergen) සරසවියේ ආචාර්ය මොට්ල් පවසයි.

පොළොව විනිවිද මතුපිටට ඇදගත් මඩ තට්ටු විශ්ලේෂණය කරද්දී එම එක් එක් මඩ තට්ටුවක් මත තැන්පත් පරාග (pollen) විමර්ශනය කරද්දී මානව ක්‍රියාකාරකම් වෘක්ෂලතා ආදිය වෙනස්වීම කෙරෙහි හේතුවී ඇති ආකාරය සම්බන්ධයෙන් නව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත.

කාර්මික විප්ලවය සමයෙහි භූ පරිසරයෙහි සැබෑ පරිවර්තනීය ක්‍රියාවලියක් සිදුවීම ආරම්භවීමට සියවස් කීපයකට පෙර මිනිස් මැදිහත්වීම් පිළිබඳ පළමු ”සංඥාවක්” දැකීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව විය.

ලබාගත් මඩ සාම්පල මත තැන්පත් පරාග වාර්තා අනුව විද්‍යාඥයන්ට කලින් බැස තිබුණ නිගමන නැවත සැකසීමේ අවශ්‍යතාව පෙන්නුම් කළේය. එමගින් පෙන්නුම් කරන ලද්දේ අපගේ මානව වර්ගයා ස්වභාවික ලෝකය කෙරහි ඇතිකරන ලද පළමු බලපෑම වසර හාරදහසක් තරම් අතීතයකට දිවයන බවය.

ඉහත සඳහන් කරනලද ගවේෂණයේ ප්‍රතිපල අපගේ වනාන්තර සහ සෙසු භූමිදර්ශනයන්හි අනාගතය සමඟ විශාල වශයෙන් බැඳුන නව සොයාගැනීමකි.

මෙම මහඟු න්‍යාය ධර්මයන්ට අදාළ සියලු සාක්ෂි පදනම්වන්නේ සියවස් ගණනාවක් මඩ තට්ටුවෙන් තට්ටුවට වැටී තැන්පත්ව ඇති කුඩා පරාග බීජ ආදිය මතයි.

වයින් බෝතලයක පොරොප්පය ඇද ඉවතට ගනු ලබන ආකාරය සිහිපත් කරමින් සීරුමාරුවෙන් මඩ තට්ටු ප්‍රවේශමෙන් සිලින්ඩර් මගින් ලබාගැනීම විද්‍යාඥයන්ගේ විධික්‍රමය විය.ඉන් අනතුරුව එම එක් එක් මඩ තට්ටුව මත තැන්පත් ”පරාග පොසිල” පරීක්ෂා කළ විද්‍යාඥයෝ ඒවා කවර අවධියක ක්‍රියාත්මක වීද, වර්ධනය වීද යන්න ආදිය ‘කාර්බන්’ දින දර්ශකය අනුව කාල නිර්ණය කර ඇත.

මෙහිදී වැදගත් තවත් කරුණක් වන්නේ මිනිසා ස්වභාවධර්මය කෙරෙහි බලපෑම් කිරීමට පටන් ගත් කාල වකවානුවලට අදාළ න්‍යායන් පිළිබඳව නැවත සිතා බැලීම සඳහා නියත ලෙසම යොමුකරවන ලද්දේ කිනම් හසුකර ගැනීමක් තුළින් ද යන්න විපරම් කිරීමය.

මඩෙහි තට්ටුවෙන් තට්ටුවෙහි ක්‍රමානුකූලව වෙනස්වෙන පරාග සංයුතියක් විද්‍යාඥයන් කණ්ඩායමට හසුව ඇත. මූලික වශයෙන් ඒ සැම මඩ තට්ටුවකම තැන්පත් පරාග එකිනෙක මඩ තට්ටුවෙන් දැඩි වෙනසක් පෙන්නුම් කරයි.

අවසන් අයිස් යුගයේ සිට පෘථිවියේ මතුවීම ආරම්භ වූ අවධිය තහවුරු කරගැනීම සඳහා විද්‍යාඥයෝ වසර 18,000 ක් තරම් ඈත කාලයක් විමර්ශනය කිරීම සඳහා තෝරා ගත්හ. එම අවධියේ පෘථිවියේ අයිස් දියවෙමින් තිබූ අතර පරිසරය පැවතුණේ සැම මොහොතකම වෙනස්වෙමින් පවතින තත්ත්වයකය.

”පසුගිය අවුරුදු දහදාහක කාලය ගත්තොත් දේශගුණය පැත්තෙන් පෙන්නුම් කෙරෙන්නේ ස්ථාවර තත්ත්වයක්. ඒ නිසා මානවීය බලපෑම සිද්ධවෙලා තියෙන්නේ කොහොමද කියල අපට තේරුම්ගන්න හැකියාවක් ලැබෙනවා” බර්ගෙන් සරසවියේ පර්යේෂකයකු මෙන්ම ලෝක මට්ටමේ පරිසර විද්‍යාඥයකු වන ආචාර්ය සුසෙට් ෆ්ලැන්ටුවා (Suzette Flantua) පවසයි.

”එම බලපෑම ආරම්භ වූයේ අපේ මිනිස් වර්ගයා ඔවුන් සඳහා ඔවුන්ගේ වගාවන් සඳහා සහ ඔවුන්ගේ ගව මහිෂාදීන් සඳහා භූමිය එලිපෙහෙලි කිරීම පටන් ගැනීමත් සමඟයි” යන්න සුසෙට් ගේ තක්සේරුව වෙයි.

”ස්වාභාවික පරිසරය වෙනස්කරනු ලැබීමේ එම ප්‍රවනතාව අපට විවිධ අදියර කීපයකින් දකින්න පුළුවන්. ආසියාවේ සහ දකුණු ඇමෙරිකාවේ එය කලින්ම සිදුවුණා. ඊට තරමක් පසුවයි යුරෝපයේ එම ක්‍රියාවලිය දකින්න ලැබෙන්නේ” ආචාර්ය සුසෙට් ෆ්ලැන්ටුවා (Suzette Flantua) පෙන්වා දෙයි.

බොහෝ ජීව විද්‍යාඥයන් සහ දේශගුණ විද්‍යාඥයන් පවසන පරිදි මේ යුගයේ අප ජීවත්වන්නේ පෘථිවි ඉතිහාසයේ ‘ඇන්ත්‍රෝපෝසීන්’ (Anthropocene) යුගය ලෙස නම්කරනු ලැබිය හැකි අවධියකය. එය පෘථිවිය කෙරෙහි මානවීය බලපෑම සහිත යුගයක් වෙයි. අප ජීවත්වෙන පෘථිවි තලයෙන් හතරෙන් තුනකට වැඩි භූමි පදාසයක් කෙරෙහි මානවීය ක්‍රියාකාරිකම් බලපායි.

විද්‍යාඥයන් විසින් ලබාගනු ලැබ ඇති මඩ සාම්පල මගින් වෙනස් කෙරෙන්නේ අතීතය සම්බන්ධයෙන් බැස තිබූ අනුමාන පමණක් නොවේ. අපගේ ග්‍රහලෝකයේ ස්වාභාවික පරිසරය ගමන් ගනිමින් තිබෙන්නේ කවර දිශාවක් කරාද යන්න පිළිබඳව ද එමගින් වටිනා අවබෝධයක් ලබාදෙයි.

”මහා පරිමාණයෙන් සිදුකෙරෙන මානවීය බලපෑම දිගටම සිදුකෙරෙන අතර ඒ සමඟ සිදුවන දේශගුණ විපර්යාසයත් අපි දකිනවා” මිචිගන් සරසවියේ දේශගුණ විද්‍යාඥයකු වන ආචාර්ය ජොනතන් ඕවර්පෙක් (Dr Jonathan Overpeck) පවසයි.

එක්තරා උත්ප්‍රාසයකින් කියන්නේනම්, ඉන් අදහස් කෙරෙන්නේ, හැකිතරම් දුරකට කාබන් විෂවායුව පාලනය කර ගැනීමට වනගැබ යොදාගනු ලබන්නේනම්,දේශගුණ විපර්යාසයේ බලපෑම අවමකර ගැනීමට එමගින් අපට උදව්වක් ලැබෙන බවය. එම වනගැබ පවත්වා ගැනීමට අපගේ මැදිහත්වීම වැඩි වශයෙන් සිදුකළ යුත්තේ කෙසේද යන්න එමගින් අදහස් කෙරෙයි.

ජෛව විවිධත්වය
පවතින වනාන්තර නිවහන කරගත් ශත සහශ්‍ර සංඛ්‍යාවක් වූ ශාකවර්ග සහ වනජීවීන්ගේ පැවැත්ම සඳහා සැලැස්මක් සකස්කරනු ලැබීම අපැහැදිලි සහ ව්‍යාකූල කරුණක් වී ඇත. එහෙත් පෘථිවියේ පෞරාණික පරාග වාර්තා පීරායමින් සිටින විද්‍යාඥයන්ගේ වාර්තාවන්හි දැනට ඉතිරිව පවතින ස්වභාවික වාසස්ථාන ප්‍රතිෂ්ඨාපානය කරමින් ආරක්ෂා කරනු ලැබීම සඳහා මගපෙන්විය හැකි බව සඳහන් කර ඇත.

”මේක ඉතා බරපතල කාරණයක්” ආචාර්ය ඔන්ඩ්‍රෙජ් මොට්ල් (Ondrejj Mottl) පෙන්වා දෙයි.

”අපි යථා තත්ත්වයට පත්කිරීම සඳහා උත්සාහ කරන්නේ කුමක්ද? අපි ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ දරමින් සිටින නොකිලිටි වනාන්තරය හරියටම දැනගැනීම ඉතා වැදගත් කරුණක්”

ආචාර්ය ඔන්ඩ්‍රෙජ් මොට්ල් (Ondrejj Mottl) වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

”බොහෝ ජාතික වනෝද්‍යාන තමන් කරන්නේ කුමක්ද යන්න ගැන නිසි අවබෝධයකින් තොරව වනාන්තර සහ වනජීවීන් ඒවාට අයත් පැරණි ස්වාභාවික තත්ත්වයට නැවත ගෙනඒමට උත්සාහ කරනවා”.

වනාන්තරයේ වැඩෙන දේවල් පදනම් කර ගනිමින් අනුමාන පළකිරීම වෙනුවට ඉන් ඔබ්බට ගොස් පෘථිවියේ ඉතිහාසය විපරම් කරනු ලැබීම සඳහා මහපොළොව විද මඩ සාම්පල ලබාගනිමින් ඒවා විශ්ලේෂණය කොට නිගමන කරා එළැඹෙන මොහොතකට ලෝකය පත්ව ඇත.

”සොබාදහම පිළිබඳව සොබාදහමෙන් තොරතුරු ලබාගන්නාතෙක් අපට සොබාදහම සඳහා සිදුකළ හැකි හොඳම දෙය කුමක්ද?යන්න දැනගැනීමට ලැබෙන්නේ නැහැ”ආචාර්ය ඔන්ඩ්‍රෙජ් මොට්ල් (Ondrejj Mottl) පවසයි.

තොරතුරු මූලාශ්‍රය

https://www.bbc.com/sinhala/world-57304891

Chandana Sesath Jayakody

Read Previous

අතරමැදි වන්දියක් ගෙවීමට හිමිකාර සමාගමේ එකඟතාව

Read Next

Environmental lawyers, farmers protest plan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!