Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මිණි මුතු මෝරා මැරුණේ නැවේ ගින්නට දැයි පරීක්ෂණ

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ – divaina.com

ලොව වඳවී යන සත්ත්ව විශේෂයක් හා සාගරයේ ජීවත්වන මසුන් අතරින් විශාලතම මත්ස්‍යයා ද වන මිය ගිය මිණිමුතු මෝරකු ගේ සිරුරක් පසුගිය දා කුච්චවේලි කල්ලාරු මුහුදු වෙරළෙන් හමුවී ඇති අතර සතාගේ සිරුර වැඩි දුර පරීක්ෂණ සඳහා ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බව පරෙවිදූපත ජාතික වන උද්‍යාන භාරකරු උපාලි කුමාරතුංග මහතා පැවසී ය.

අඩි 29 ක් දිග සහ පළල අඩි 8 ක් වන මෙම මිණිමුතු මෝරා කොළඹ වරායේදී මුහුදේ ගිනි ගෙන මුහුදු බත්වුණු නැවේ බලපෑම නිසා මෙලෙස මිය ගියේදැයි පරීක්ෂා කිරීමට බාර දී තිබේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත‍්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ වික‍්‍රමසිංහ මහතා සහ වන ජීවී පශු වෛද්‍ය දිනුෂා පෙරේරා මහත්මිය ඇතුළු කුච්චවේලි වන ජීවි අඩවි කාර්යාල නිලධාරින් හා පරෙවිදූපත් උද්‍යාන වනජීවී නිලධාරින් එක්ව පරීක්ෂණ පැවැත්වීම සඳහා සිරුර මෙසේ භාරදී ඇත. ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ආරක්ෂක සත්වයකු ලෙස සැලකෙන මෙම මිණිමුතු මෝරා මේ වනවිට ලොවෙන් තුරන්වී යන සත්ත්ව විශේෂයක් බව හඳුනා ගෙන ඇති බවද වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ අලාභයට අන්තර් හිමිකම් මුදලක් ලෙස රුපියල් මිලියන 720ක් ලැබුණා

Read Next

අනුරපුර වැව් රක්ෂිත වැනසීම් නොදන්නා සේ ඉන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!