
2021.10.22
මාධ්‍ය නිවේදනය
අද (2021.10.22) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කරන ලද
1. විල්පත්තු අභියාචන නඩුකරය (නඩු අංකය – SC/SPL/LA-243-20)සහ
2. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද අලි ඇතුන් සම්බන්ධ නඩුව (නඩු අංකB 23073/01/15)
* නඩු අංක – SC -243-20 (විල්පත්තු අභියාචනය) 2022වසරේ පෙබරවාරි 03 දින දක්වා කල් තැබේ.
* නඩු අංකB 23073/01/15 ( අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද අලි ඇතුන් සම්බන්ධ නඩුව )දෙසැම්බර් 3 දක්වා කල් තැබේ.
අද දින (2021.10.22) විල්පත්තු නඩුවේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අතර එම නඩුව සම්බන්ධ අභියාචනය ඉක්මනින්ම විභාගකර අවසන් කරදෙන ලෙස පෙත්සම්කරුවන් වන පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටියා. එසේ වෙතත් වෙනත් පාර්ශවයන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරුන්ට කෙටි දින ලබාදීමේ හැකියාවක් නොවූ හෙයින් නඩුව සම්බන්ධ කටයුතු නැවත පෙබරවාරි 3 වන දින දක්වා කල්තබනු ලැබුවා.
අද දින මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ විභාග කරන ලද ලද අලි ඇතුන් සම්බන්ධ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනුකර කැඳවා තිබුනා. එම නඩුව අද දින කැඳවීමට හේතු වූයේ අංක 223, 230, 331, 346 සහ 148 යනුවෙන් හැඳින්වෙන අලි ඇතුන් 5 දෙනෙකු ඔවුන්ගේ “පෙර හිමිකරුවන්” ලෙස හැඳින්වෙන අය වෙත ලබාදීමට නීතිපති නිර්දේශය ලබාදීමයි. මෙම අවස්ථාවේ නිතිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටිමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා ඉදිරිපත්කරන ලද නිර්දේශයන් සහ යෝජනා අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ “යෝජනා” මහේස්ත්‍රාත් අධිකරණය විසින් බාර නොගන්නා බවත් ඉල්ලීම් කිසිවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් ය. එම අවස්ථාවේ අදාල අලි ඇතුන් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඔවුන් නැවත “පෙර හිමිකරුවන්” වෙත බාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වෙතින් ඉල්ලා සිටිනු ලැබුවා. එම ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසා සිටියේ මෙම අලි ඇතුන් පොදු දේපල වන බැවින් ඒවා “මුල් භාරකරුවන්” යනුවෙන් හැඳින්වෙන අයවෙත මුදාහැරීමට තමන් විරුද්ධවෙන බවයි.
සියළු කරුණු සලකා බැලූ අධිකරණය මේ අවස්ථාවේ එම නඩුව සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ලබා නොදුන් අතර නඩුව දෙසැම්බර් මස 3 වන දින නැවත කැඳවන ලෙස නියෝග කරණු ලැබුවා.
මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර
- නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා (077307850) – සභාපති, පරිසර යුක්ති කේන්ද්‍රය හෝ
- නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය (077 3930820) – අධ්‍යක්ෂිකා, පරිසර යුක්ති කේන්ද්‍රය අමතන්න.
පරිසර යුක්ති කේන්ද්‍රය