
2022.05.21
මාධ්‍ය නිවේදනයයි
මැයි 22 ජාත්‍යන්තර ජෛවවිවිධත්ව දිනයයි,
ජෛවවිවිධත්වය යනු ජීවයේ පැවැත්මයි.එය රැකගැනීම උදෙසා කැපවෙමු !
ජෛව විවිධත්වය යනු “ස්වභාවික ප්‍රාග්ධනයේ” ම නිර්මාණය වන ජීවයේ අත්‍යවශ්‍ය අංගයකි. විශේෂ අතර ඇති අතිවිශාල විවිධත්වය සහ සංකීර්ණ අන්තර්ක්‍රියා, ඒවා කෙතරම් කුඩා හෝ නොවැදගත් ලෙස පෙනුනත්, අපගේ පරිසර පද්ධති ක්‍රියාකාරීව තබාගෙන, අපගේ ආර්ථිකයන් ඵලදායී කරවයි. ස්වභාවධර්මය පෝෂ්‍යදායී ආහාර සපයයි, පිරිසිදු වාතය සහ ජලය සපයයි, ජීවනෝපායයන් පවත්වාගෙන යයි,දේශගුණික විපර්යාස අවම කරමින් ආන්තික කාලගුණික සිදුවීම්වලට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරයි.
“සියලු ජීවිත සඳහා හවුල් අනාගතයක් ගොඩනැංවීම” – Building a shared future for all life -2022 වසරේ ජෛවවිවිධත්ව දිනයේ තේමාව වන අතර , තිරසාර සංවර්ධන අභියෝග කිහිපයකටම පිළිතුර ජෛවවිවිධත්වය වන බව හුවා දක්වන එක්සත් ජාතීන්ගේ ප්‍රතිෂ්ථාපනය පිළිබඳ දශකයේ (United Nations Decade on Ecosystem Restoration ) සන්දර්භය තුළට මෙම තේමා පාඨය වඩා හොඳින් ගොඩනැගිය හැකි පදනම වන්ෙන්ද ජෛවවිවිධත්වයයි.
ගෝලීය ප්‍රජාව ස්වභාවික ලෝකය සමඟ පවත්නා සබඳතාවයන් පිළිබඳව නැවත විමසා බැලීමේදී , එක් දෙයක් ස්ථිරය. අපගේ සියලු තාක්‍ෂණික දියුණුව තිබියදීත්, ජලය, ආහාර, ඖෂධ, ඇඳුම්, ඉන්ධන, නවාතැන් සහ සෞඛ්‍ය සම්පන්න සහ ජවසම්පන්න පරිසර පද්ධති මත මේ වන වන විටත් අපි සම්පූර්ණයෙන්ම රඳා සිටිමු.
තිරසර සංවර්ධනය සඳහා වන ප්‍රධාන ජාත්‍යන්තර මෙවලම වන ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියට අනුව (CBD) දේශගුණය, සෞඛ්‍ය ගැටලු, ආහාර සහ ජල සුරක්ෂිතතාව සහ තිරසාර ජීවනෝපාය සඳහා පරිසර පද්ධතිය පදනම් කරගත් ප්‍රවේශයන් හෝ ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම්, ජෛව විවිධත්වය වඩා හොඳින් ගොඩනැගිය හැකි පදනම බව පෙන්වා දෙයි.
මිනිසා තමා දිවි ගෙවන පරිසරය වෙනස් කිරීමට සහ ස්වභාවික පරිසර පද්ධතිය විසින් වරක් සිදු කරන ලද ඇතැම් කාර්යයන් ප්‍රතිස්ථාපනය කිරීමට තාක්ෂණය මත විශ්වාසය තබමින් සිටී.
COVID-19 වසංගතය මානව සහ සෞඛ්‍යය අතර සමීප සබඳතාව සිහිපත් කිරීමකි. නැගී එන සියලුම බෝවන රෝගවලින් සියයට 70 ක් සත්ව විද්‍යාත්මක (සතුන්ගෙන් මිනිසුන්ට මාරු වූ ) ඒවා බව ගණන් බලා ඇත.වන විනාශය වැනි පරිසරයේ වෙනස්කම් ඇති වන විට සහ ස්වභාවික පරිසර පද්ධති , මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ආතතියට ලක්ව රෝග කාරක වර්ධනය වන බව ෙම් වන විට සොයාගෙන ඇත.
ජෛවවිවිධත්ව සහ පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා-ප්‍රතිපත්ති වේදිකාවේ (Intergovernmental Science-Policy Platform on Biodiversity and Ecosystem Services) – IPBES නවතම වාර්තාවට අනුව,
• මිලියන 8ක් වන සමස්ත සංඛ්‍යා ලේඛණයන්ගෙන් මිලියනයක් සත්ත්ව හා ශාක විශේෂ, දශක කිහිපයක් ඇතුළත වඳවීමේ අවදානමක් ඇත.
• ශතවර්ෂ කිහිපයකට පෙර පැවැති තෙත් බිම්වලින් සියයට 13 කටත් වඩා අඩු ප්‍රමාණයක් අද ඉතිරිව ඇති අතර පසුගිය වසර 150 තුළ සජීවී කොරල්පර අඩකින් පමණ අඩු වී ඇත. මත්ස්‍ය සම්පතෙන් තුනෙන් එකක් අධික ලෙස සූරාකෑමට ලක්වෙමින් පවතී.
• 1990 ගණන්වල සිට ගෝලීය වශයෙන් වන විනාශයේ වේගය අඩු වී ඇතත්, එය හෙක්ටයාර් මිලියන 13 ක පමණ වාර්ෂික වනාන්තර විනාශයක් සමඟ ඉහළ මට්ටමක පවතින අතර එය තීරණාත්මකව සත්ව හා ශාක වාසස්ථානවලට බලපායි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතා පෙන්වා දෙන්නේ , ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා ගෙවී ගිය වසර 17 ක කාලය තුළ පරිසර යුක්ති කේන්ද්‍රය කැපවීමෙන් ක්‍රියාත්මක වී ඇති අතර, වනාන්තර සංරක්ෂණය සඳහා වන වැදගත් චක්‍රලේඛ රජය විසින් ඉවත් කර, විනාශ කිරීමට පෙළඹෙද්දී ඊට එරෙහිව නීති මගින් කටයුතු කර ඇති බවයි. විල්පත්තු වනාන්තරයේ ආරක්ෂාව වෙනුවෙන් පවතින පරිවාර වනාන්තර විනාශ කිරීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව ෙඑතිහාසික වූවකි.
නීතියෙන් සැලසිය හැකි අවස්ථාවන් මගහැර ජෛවවිධත්වය හා පරිසරය විනාශ කරමින් ජෛවීය සම්පත් මංකොල්ලයට එරෙහිව පරිසර සංරක්ෂණවාදී කණ්ඩායම් හා එක්ව සිදුකළ විරෝධතාවයන් ද පෙන්වා දිය හැකි බවයි.මේ වන විටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සැලසුම් කර තිබෙන ඌව-වෙල්ලස්ස ඉඩම් බහුජාතික සමාගමකට පවරාදීමට ගෙන තිබෙන තීරණය හේතුවෙන් නිල්ගල වනාන්තරයේ පවතින ජෛවවිවිධත්වයට කණ කොකා හඬනු ඇත. බුද්ධදාස නිරිදුන්ගේ ඔසු උයන ලෙස විරුදාවලිය ලත් මෙම අගනා වන පෙත මේ වන විට වැනසෙමින් පවතී.එමෙන්ම ජෛවවිවිධත්වයට වෙසෙසින් ඵලදායී දායකත්වයක් සලසන ආදිවාසීන්ගේ ජන උරුමය , සංරක්ෂණය කිරීම මගහැර යා නොහැකි වගකීමක් වන බවද පවසා සිටී.
සිංහරාජ වැසි වනාන්තරයේ ජාන සම්පත් මංකොල්ලයට වැට බැදීමේ සිට,අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් විනාශ වන අපට ආවේණික මත්ස්‍ය විශේෂ රැකගැනීමත්,සැලසුම්වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් පරිසර හිතවාදී නොවුනහොත් අපගේ ඉදිරියඅඳුරු මාවතක් විය හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ මතයයි.
ජෛවවිවිධත්වය සුරැකිය යුතුව ඇත. ඒ් වෙනුවෙන් බොහෝ දේ සිදුකර යුතු අතර , මානව ක්‍රියාකාරකම් පාලනය නොවුනහොත් මෙහි නිමාවක් නොවන බව පෙන්වා දිය යුතුව ඇත.සොබාදහමේ නීතියට අනුව මිනිසා මෙන්ම සියලු ජීවීන් මේ මිහිතලය තුල ජීවත් විය යුතුය.
පරිසර යුක්ති කේන්ද්‍රය