Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මාතර ජලයෙන් යටවෙයි

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

www.aruna.lk

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරමආර ඔය පිටාර ගැලීම නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

නිල්වලා ගඟ පිටාරගැලීම හේතුවෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් ජලයෙන් යටව ඇති අතර නිල්වලා ගඟේ අතුගංඟාවක් වන කිරමආර ඔය පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකඳුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයන් වල බස් රථ ධාවනය ඇණහිට ඇති අතර එම මාර්ග භාවිත කරන පිරිස්වලට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

නිල්වලා ගඟේ ජල මාපකයේ අගය අද (31) දහවල් 12 වන විට 6.60ක් ලෙස පෙන්නුම් කළ අතර එම ස්ථානයෙන් ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් එම මාපකයේ අගය 7.50 ඉක්මවුවහොත් මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවන බැවින් ගඟ දෙපස සිටින ජනතාව අවධානයෙන් පසු වන ලෙස මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

මෙම ගංඟා පිටාරගැලීම හේතුවෙන් මේවන විට රංසෑගොඩ, කඹුරුපිටිය, මාපලාන, කද්දුව, මාලිම්බඩ යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ඉහළ ගංඟාධාර ප්‍රදේශවලට වර්ෂාපතනය ලැඛෙමින් පවතී.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර, කොටපොළ සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Chile could be home to world’s oldest tree

Read Next

ලංකාවේ මන්දපෝෂිත දරුවන් වැඩි වෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!