Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මහා භූ කම්පනයට පසු හයිටියට කුණාටුවක්!

deshaya.lk

හයිටි රාජ්‍යයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2000ද ඉක්මවා ඉහළ ගොස් තිබේ. විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර 10,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි. දරුවන් ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ඒ අතර සිටින බවත් යුනිසෙෆ් සංවිධානය වාර්තා කළේය. භූ කම්පනයෙන් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.

මේ හේතුවෙන් හයිටි අග්‍රාමාත්‍යවරයා විසින් රට තුළ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇත. මේ වන විට රට හරහා හමා යන ග්‍රේස් නමැති අප්‍රිකා නිවර්තන කුණාටුවෙන් පතිත වන තද වැසි නිසා මුදාගැනීමේ කටයුතු අසීරු වී ඇති අතර, විපතට පත් ජනතාවට ආධාර සැපයීමට රටවල් ගණනාවක් ඉදිරිපත් වී සිටියි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Environment friendly food wraps, a welcome move – Minister

Read Next

දැදුරුඔයේ වැලි හාරන බලවත් මැරයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!