Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මහා පරිමාණ පොහොර වංචාවකට ශෂීන්ද්‍රගේ නමත් ඈඳේ

lankatruth.com

අත්‍යාවශ්‍ය සේවාවලට මුවා වී සිදුකරමින් පවතින මහා පාරිමාණ පොහොර ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් තිබෙන අතර මේ වන පොලිසියෙන් අත්තඩංගුවට ගෙන තිබෙන පොහොර නිදහස් කර ගැනීම සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයාගේ නම ද යොදවාගෙන ඇත.

විශේෂයෙන් ම, වැලිමඩ පොලිසියෙන් අත්තඩංගුවට ගෙන තිබෙන පොහොර තොගය ලබා ගන්නා ලෙස බණ්ඩාරවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොවිජන සේවා කොමසාරිස්වරයෙකුගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. මෙම පොහොර තොගය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයාගේ නියෝගය මත ප්‍රවාහනය කර තිබුණු බැවින් පවතින හිඟය මග හරවා ගැනීමට එය ලබා ගන්නා ලෙස එම ගොවිජව සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්ට බලපෑම් කර ඇත.

එහෙත් තමන් ඉල්ලීමක් නොකළ පොහොර තොගයක් කවරෙකුගේ හෝ බලපෑම් මත ලබාගත නොහැකි බව නිලධාරීන් දන්වා ඇති අතර ඔවුන්ට එල්ල වන පීඩනය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර රජයේ සහනාධාර මිලට ලබා දීමට නියමිත මෙම පොහොර ජාවාරම්කරුවන් විසින් ගොවීන් වෙත රුපියල් 6,500/-ක් වැනි ඉහල මිලකට විකුණන බව අලුත්ම තොරතුරුවලින් අනාවරණය වේ. මේ අතර අදාළ වැටලීම් පිළිබඳව වීඩියෝ දර්ශන පවා ප්‍රධාන ධාරවේ මාධ්‍ය ආයතන සියල්ලටම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ලබා දී තිබෙන නමුත් විශේෂයෙන් කිසිදු රූපවාහිනී නාලිකාවක එම ප්‍රවෘත්තිය මේ දක්වා විකාශනය නොකිරීම බලවත් සැකයකට ද ලක්ව තිබේ.

News Source

Chandana Sesath Jayakody

Read Previous

CEJ says AG advice to release the elephants, contrary to the law

Read Next

තද සුළඟකින් දමන නිවාස 23 කට හානි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!