Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක් බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. නිෂ්පාදන සමාගම් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් පමණක් තහනම් කරන ලෙස අපෙන් ඉල්ලීමක් කළා. මම ඒ අයට ලන්ච්ෂීට් ලබා දී මේ අතරින් මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් තෝරා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ නිෂ්පාදන සමාගම්වලටවත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් මොනවාද කියලා තෝරා දෙන්න බැරිවුනා. මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්.

ලන්ච් ෂීට් නිෂ්පාදනය කළ සමාගම්වලටත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් හොයා ගන්න බැරිනම් රටේ මහජනතාව ඒවා හඳුනාගන්නේ කෙසේද. එමනිසා එහෙම සීමාවක් නොකර පොලිතීන් හා ප්ලාස්ටික් යොදා නිපදවන ලන්ච්ෂීට් මුළුමනින්ම තහනම් කරනවායි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෙසේ වුවත් 2017 සිට මෙම ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් සම්බන්ධව අපි එම සමාගම් සමග සාකච්ඡා කළා. නමුත් මෙම සමාගම් කිසිදු අවස්ථාවක විකල්ප නිෂ්පාදන සම්බන්ධව අවධානය යොමු කර නැහැ. එමනිසා නැවත සහන කාලයක් ලබා දෙන්න අපි පියවර ගන්නේ නැහැ. මෙම වසරේ ඉදිරි කාලය තුළ මෙම නිෂ්පාදන දෙකම අපි තහනම් කිරීමට පියවර ගන්නවා.

දැන් වෙනත් සමාගම් විකල්ප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අතර පරිසර හිතකාමී, ඉක්මණින් දිරාපත්වන නිෂ්පාදන රැසක් තිබෙනවා. එම නිෂ්පාදන තාක්ෂණය අනෙකුත් සමාගම්වලටත් ලබා දීමට ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා. එමනිසා අපිට මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම හා පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන් වේවි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

‘We saw it coming’: The Indigenous leader fighting climate change

Read Next

Court informed of marine animals killed in X-Press Pearl disaster

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!