
newsslbc.lk
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් යලි සමාලෝචනය කර ඒ පිළිබඳ පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහා ඉදිරිපත් කරන්නැයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. අධිවේගී මාර්ගය ඉදිකිරිම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතු කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්විණි. එහිදි ඇමතිවරයා මෙම නියෝගය කළේය.
දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු වූ කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසිම සදහා ඒකාබද්ධ කමිටුවක්ද පත් කෙරිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා එහි ප්‍රධානියාය. දින හතරක් ඇතුළත මෙම වාර්තාව ඇමතිවරයාට ලබාදිය යුතුය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේදි සකස් කර ඇති නියාමන මාර්ග හා සේවා සැපයුම් මාර්ග නිසි සැලැස්මකට ඉදි නොකිරිම ඊට අදාල ජලය බැස යාමේ කාණු පද්ධතිය නිසි පරිදි ඉදි නොකිරිම මෙම ජලගැලිමට හේතුවක් වු බව එම සාකච්ඡාවට එක් වු මැති ඇමතිවරු පෙන්වා දුන්හ. යහපාලන රජය සමයේ මෙම ඉදිකිරිම් සිදුකෙරිණී. ජනතාව පිඩාවට පත්වන ආකාරයට අධිවේගි මාර්ග ඉදිකිරිම හෝ වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරිමෙන් ඵලක් නොවන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදි කිවේය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ ඉදිරි සතියේදි තාවකාලිකව ඉදි කර ඇති මාර්ග සහ කාණු පද්ධතිය නිවැරදිව සකස් කරන බවයි. වත්තල ජාඇල ප්‍රදේශය ජලයෙන් යටවූයේ වගුරුබිම් ගොඩකර අනවසර ඉදිකිරිම් සිදු කිරිමයි. එම අනවසර ඉදිකිරිම් සියල්ල කඩා ඉවත් කිරිමට තිරණය කර තිබෙ. ජාඇල ඇල මාර්ගය ඉදිකිරිමේදි වර්ෂාපතනයත් සමග ලැබෙන වැඩි ජලය මුතුරාජවෙල වගුරුබිමට ගලා යන අයුරින් සකස් කර තිබුණි. එහෙත් දැන් එම මාර්ග සියල්ල අවහිර වී තිබේ. ඇතැම් ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකසා ඉදිකිරිම් සිදුකර තිබෙ. එවැනි ඉඩම් සියල්ල රජයට පවරා ගන්නා බව ඔහු කිවේය.
තොරතුරු මූලාශ්‍රය
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නැයි විෂය භාර ඇමතිගෙන් නිලධාරින්ට උපදෙස්