
bbc.com/sinhala
ඩෙංගු පතුරන මදුරුවන් හැසිරවීමෙන් සිදුකළ “පෙරළිකාර” පරීක්ෂණයක් නිසා ඩෙංගු උණ රෝගීන් 77% කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
“ආශ්චර්යමත්” බැක්ටීරියාවක් භාවිත කර ඩෙංගු රෝගය පතුරවන මදුරුවාගේ ක්‍රියාකාරිත්වය අවම කිරීමට ඔවුන් ක්‍රියා කර ඇත.
මෙම අත්හදා බැලීම ඉන්දුනීසියාවේ යෝග්යාකර්තා නගරයේ සිදු වූ අතර වෛරසය තුරන් කිරීමේ අපේක්ෂාවෙන් එම පරීක්ෂණ පුළුල් කර තිබේ.
ලෝක මදුරු වැඩසටහන් කණ්ඩායම පවසන්නේ මෙය ලොව පුරා පැතිරී ඇති වෛරසයකට විසඳුමක් විය හැකි බවය.