Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

භාවිතයෙන් ඉවත් කිරීමට යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුව

lankapuvath.lk

(කොළඹ, ලංකාපුවත්) –පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිපදවන ලද තවත් නිෂ්පාදන 11ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය සූදානම් වෙයි.

කමිස ඇසුරුම්වල ඇති Shirt Clip,එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් / අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන් ,පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම් , එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers), මිලිමීටර් 400-500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග් හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග් , PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 400ට අඩු කුඩා බෝතල් , හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම , පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Foof Wrappers , ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Beads ) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ ආලේපණ Personnal care Products , උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ( ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් හැඳි හා කෝප්ප යනාදිය ), PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 750ට අඩු ප්‍රමාණයේ බෝතල් තහනම් කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇත.

පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල්වන නිෂ්පාදන වර්ග 05ක් තහනම් කිරීම සඳහා පියවර ගනු ලැබූ අතර මෙම දෙවන ලැයිස්තුවට ඇතුළත් නිෂ්පාදන තහනම් කිරීම කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

මෙම දෙවන ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් සඳහා පරිසර හිතකාමී, එමෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදා ගත හැකිව තිබියදී නිපදවන භාණ්ඩ බවත් එම භාණ්ඩ පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා දැවැන්ත පාරිසරික හානියකට අපේ රටට මුහුණ දීමට සිදුව ඇතැයි ද ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

තොරතුරු මූලාශ්‍රය

භාවිතයෙන් ඉවත් කිරීමට යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුව

Chandana Sesath Jayakody

Read Previous

X-Press Pearl fire: SC moved against local agent Sea Consortium Lanka and 12 others

Read Next

Sri Lanka cargo ship disaster: Large oil spill visible in satellite images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!