Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක්

aruna.lk – සාලිය ගුණසේකර

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අඩු පීඩන තත්ත්වය ලංකාව ආසන්නයේ වර්ධනය වී තිබෙන නිසා එයින් උතුර,උතුරු මැද,නැගෙනහිර සහ ඌව යන පළාත්වලට බලපෑම් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

මීට අමතරව මෙම 21 වැනිදායින් පසු ඊසාන දිග මෝසම් වැසිද ඇතිවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

අඩු පීඩන තත්ත්වයේ බලපෑම මත දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉකුත් සතියේදී වර්ධනය වූ අඩු පීඩන කලාපය නිසා ඇතිවූ “මැන්ඩවුස්“ සුළි කුණාටුවේ බලපෑම එල්ල වූයේද උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

බාල ලන්ච් ෂීට් ටොන් දෙකක් කැස්බෑවේ

Read Next

Weather alert: Monsoon condition gradually establishing over island

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!