Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බූන්දල ජාතික උද්‍යාන සම්බන්ධ නඩුකරය

CA WR 320 / 2006

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2006 වසරේ දී කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා වනජීවී සංරක්ෂණ අමාත්‍යවරුන්ට සහ තවත් වගඋත්තරකාර පාර්ශව කිහිපයකට එරෙහිව සර්ෂියෝරාරි සහ මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා සිටිමින් මෙම නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරන ලදී. ඒ බූන්දල ජාතික වනෝද්‍යානයේ මායිම් වෙන් කිරීම, තෙත්බිම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා රෙගුලාසි සම්පාදනය කිරීම සහ විශේෂයෙන් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ අංක 32 (2) (ආ) වගන්තිය සහ 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂණ ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීම සඳහා
වගඋත්තරකරුවන්ට නියම කරන ලෙස ඉල්ලා සිටිමිනි.


ඒ අනුව නඩුවේ වගඋත්තරකරුවන් විසින් තෙත්බිම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එකඟතාවයකට පැමිණුන හෙයින් 2007 වසරේ දී මෙම නඩුව පැමිණිලිකාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.

Chandana Sesath Jayakody

Read Previous

ජාන නවීකරණය කළ ආහාර සම්බන්ධ නඩුකරය

Read Next

දෘෂ්ඨි දූෂණය (Visual Pollution) වළක්වා ගැනීම සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!