Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බෑ.. බෑ.. කියන ගොවියන්ට ලග්ගල ගොවියෙක්ගෙන් මෙන්න උත්තරය

(කාංචන කුමාර ආරියදාස)

සම්පූර්ණ සියයට සියයක් කාබනික පොහොර යොදා වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනා පවසද්දී සියයට සීයක් කාබනික පොහොර යොද් සාර්ථක ආදර්ශමත් ගොවිපලක් ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ පිහිටා තිබේ.

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ 2010 වසරේ මෙම ආදර්ෂ ගොවිපල ස්ථාපිත කොට ඇත. මේ වන විට එහි කාබනික පොහොර යොදා ගෙන වගාවන් සිදුකරයි. 

කාබනිකව වගා කර ගන්නේ කෙසේ දැයි යන්න ඕනෑම අයකුට දැක බලා ගැනීමට හැකි බව ගොවිපල කළමනාකරු යු.වී . සරත් චන්ර්ද්‍ර රත්න මහතා පැවසීය.

එක් සේවකයකු යොදාගෙන ඔහුගේ වැටුප් පමණක් වියදම ලෙස දරා මසකට අක්කර භාගයක පමණ වූ ආදර්ශ ගෙවතු වගා භූමියෙන් රුපියල් තිස් දාහක් තිස්පන්දහක් අතර මුදලක් උපයා ගන්නා  බව ඒ මහතා සඳහන් කළේය.

මෙම අක්කර භාගයක ආදර්ශ ගෙවතු වගාවේ ස්ථිර බෝග මෙන්ම දීනපතා අවශ්‍යතා සහිත බෝග ආදී වශයෙන් වෙන් වෙන් කොට ඉතාමත් අලංකාරව තනිකරම සියයට සියයක් කාබනික පොහොර යොදා ගෙන එමෙන්ම ඉර හද සහ කාලය පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුව වගා කිරීම සිදුකර ඇතැයි කළමනාකාරවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ආදර්ශ ගොවිපොළේ තවත් සුවිශේෂී කටයුත්තක් වන්නේ ගැඩවිල්ලන් යොදාගෙන පොහොර නිපදවා ගැනීමය . ගව මුත්‍රා එළු මුත්‍රා ආදී සත්ව පෝර ද මෙම ගොවිපළෙන් නිෂ්පාදනය කර ගැනීම තවත් සුවිශේෂී වූ කරුණකි.

පසුගිය කාලයේ අක්කර කාලෙන් පංගුවක් කහ වගා කොට රුපියල් ලක්ෂ හතහමාරක පමණ ආදායමක් පෙන්වා දීමට සමත් වූ බවද ගොවිපල කළමනාකාරවරයා දැඩි සතුටෙන් යුතුව ප්‍රකාශ කළේය.

මේ මේ දිනවල මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරන ලද ගුරුවෙල නව ආදර්ශ ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදය යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම ස්ථානය ඕනෑම අයෙකුට නරඹා අත්දැකීම් ලබාගෙන තම ගොවිපළේ ගෙවත්තේ කාබනික පොහොර නිපදවා ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

බොහෝ දෙනා වම්බටු බණ්ඩක්කා ආදී පණුවන් සහ විවිධ රෝග කඩිනමින් එන එළවළු වගා කොට තිබේ. ගොවිපල කළමනාකරු චන්දරතන මහතා කියා සිටියේ මෙම පණුවන් සහ කෘමින්ගෙන් හානි වන වගාවන් ඉතාමත් සාර්ථකව සිදු කොට ඇත්තේ විනාසකාරී කෘමීන්ට අහිතකර සතුන් විනාශ නොකෙර ගොවිපලේ තබාගැනීම නිසාවෙන් බවය.

Chandana Sesath Jayakody

Read Previous

Scientists identify new plant species endemic to Lanka

Read Next

මව්බිම කාටුනය – එම් ඩී වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!