Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බාලි G20 සමුළුවේ දී කුමක් කතාබහට ලක්වනු ඇති ද?

bbc.com/sinhala

12 නොවැම්බර් 2022

නොවැම්බර් 15 වන දින ඉන්දුනීසියාවේ බාලිහි දී පැවැත්වෙන G20 වාර්ෂික සමුළුව සඳහා සාමාජික රටවල නායකයින් රැස්වීමට නියමිත ය.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය ආර්ථිකයන්ට කොවිඩ් වසංගතයෙන් ගොඩඒමට උපකාර කළ හැකි ක්‍රම සොයාගැනීම යි. එනමුත් යුක්රේන යුද්ධයෙන් ඇතිකළ ආතතිමය තත්ත්වය මෙම සාකච්ඡාවලට බාධාවක් විය හැකි ය.

G20 යනු කුමක් ද? එය පිහිටුවන ලද්දේ ඇයි?

G20 හෙවත් Group of Twenty කාර්මික සහ සංවර්ධනය වෙමින් පවතින ලොව වැදගත්ම රටවල්වලින් සුසැදි කණ්ඩායමකි.

නැගෙනහිර ආසියාවේ මූල්‍ය අර්බුදයකින් පසු 1999 දී පිහිටුවන ලද එය ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව සඳහා ප්‍රමුඛ සංසදය වීම එහි අරමුණ යි.

මෙම කණ්ඩායම ජාතීන් 19කින් සහ යුරෝපා සංගමයෙන් සමන්විත වේ. සෑම වසරකම අමුත්තෙකු වශයෙන් ස්පාඤ්ඤයට ආරාධනා කරනු ලැබේ.

මෙය ප්‍රමුඛ කාර්මික රටවලින් සමන්විත G7 සමූහයේ දිගුවක් ලෙස ද හැඳින්විය හැකි ය. මන්ද, ඊට චීනය, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වේගයෙන් වර්ධනය වන සංවර්ධනය වන රටවල් ද ඇතුළත් වන බැවිනි.

G20 රටවල් ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් 85%කට සහ ලෝක වෙළඳාමෙන් 75%කට හිමිකම් කියන අතර, ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක් අඩංගු වේ.

මුල දී, G20 රැස්වීම් ප්‍රධාන වශයෙන් සාමාජික රටවල මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු නිලධාරීන් අතර පැවැත්විණි.

G20 රටවල නායකයින් ප්‍රථම වරට 2008 දී හමුවූ අතර එතැන් සිට නිරන්තරයෙන් නායකත්ව සමුළු පැවැත්විණි.

සමුළුවේ දී සාකච්ඡා කෙරෙන්නේ මොනවා ද?

G20 නායකයින්ගේ සාකච්ඡා අතර දේශගුණික විපර්යාස, තිරසර බලශක්තිය, ජාත්‍යන්තර ණය සඳහා සමා කාලයන් ලබාදීම, සහ බහුජාතික සමාගම්වලට බදු පැනවීමේ ක්‍රම වැනි පුළුල් මාතෘකා අඩංගු වේ.

සෑම වසරකම, විවිධ G20 සාමාජික රාජ්‍යයන් සභාපතිධුරය භාරගෙන රැස්වීම් සඳහා න්‍යායපත්‍රය සකස් කරයි.

2022 සභාපති වන ඉන්දුනීසියාවට අවශ්‍යවන්නේ බාලි සමුළුව ගෝලීය සෞඛ්‍ය ක්‍රමෝපායන් සහ වසංගතයෙන් පසු ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු කරවීමට ය. ඔවුන්ගේ තිරසර බලශක්ති ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට ද ඔවුන්ට අවශ්‍ය වී තිබේ.

Macron, Trump, and Merkel

කෙසේ වෙතත්, ලෝක දේශපාලනයෙන් සමුළුව යටපත්වනු ඇති බවක් දකින්නට ලැබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාව G20 සමුළුවෙන් නෙරපා හරින ලෙසත්, ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත සමුළුව සඳහා කළ ආරාධනය අවලංගු කරන ලෙසත් යුක්රේන විදේශ අමාත්‍යාංශය ඉල්ලා තිබේ.

ජනාධිපති පුටින් පවසා ඇත්තේ තමා පෞද්ගලිකව සහභාගී වන්නේ ද, තමා වෙනුවට රුසියානු දූත පිරිසක් යවන්නේදැ යි තීරණය කර නොමැති බව යි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ප්‍රතික්ෂේප කරනු ඇතැ යි ද සැලකේ.

සෞදි අරාබිය සහ රුසියාව බොරතෙල් මිල ඉහළ මට්ටමක තබාගැනීමට එක්ව කටයුතු කරන බවත්, යුක්රේනයේ යුද්ධයට මුදල් සැපයීමට සෞදි අරාබිය රුසියාවට උපකාර කරන බවටත් ජනාධිපති බයිඩන් චෝදනා කර තිබුණි.

සමූහ ඡායාරූපයක් ගනු ලබන්නේ ඇයි?

රජයේ ප්‍රධානීන් නිතර සමූහ ඡායාරූපයකට පෙනී සිටියි.

නායකයින් අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රවර්ධනය කිරීමට එය භාවිතා කෙරෙන නමුත් බොහෝ විට එම ඡායාරූපයෙන් හෙළිවන රාජ්‍යතාන්ත්‍රික අසමගිය සිරස්තලබවට පත් වේ.

2018 දී, ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයේ දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු නායක සමුළුවේ දී, මොහොමඩ් බින් සල්මාන් කුමරු බොහෝ දුරට නොසලකා හරින ලද අතර ඔහුව සමූහ ඡායාරූපයේ කෙළවරේ සිටුවනු ලැබීය.

Mohamed Bin Salman

G20 සාර්ථක ද?

මහා ආර්ථික අර්බුදයක් පැවති 2008 සහ 2009 සමයේ නායක සමුළුවල දී, නායකයින් ගෝලීය මූල්‍ය අර්බුදය සඳහා විසඳුම් ක්‍රියාමාර්ග රැසකට එකඟ විය.

නමුත් පසුව පැවති සමුළුවලට ප්‍රතිවාදී ලෝක බලවතුන් අතර ඇති දේශපාලනික ගැටුම් බලපා ඇති බැවින්, ඒවායින් වැඩි ප්‍රතිඵලයක් ලැබී නැත.

මෙම වසරේ G20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකුකරුවන්ගේ රැස්වීමේ දී, යුක්රේන ආක්‍රමණය

සම්බන්ධයෙන් රුසියාව සහ බටහිර බලවතුන් අතර ඇති වූ තර්ක නිසා වැඩි ප්‍රගතියක් නොලැබුණි.

කෙසේ වෙතත්, රටවල් බොහෝ විට සමුළුවේ අතුරු රැස්වීම් තුළින් එකඟතාවන්ට එළඹේ.

2019 දී ඔසාකාහි දී, එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීනයේ ජනාධිපති ෂී ජින්පින් ප්‍රධාන වෙළඳ ආරවුලක් විසඳීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ විය.

There were fierce clashes between protestors and riot police during the 2017 summit in Hamburg
ඡායාරූප ශීර්ෂ වැකිය,2017 හැම්බර්ග්හි පැවති සමුළුව අතරතුර විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර දරුණු ගැටුම් ඇතිවිය

බොහෝ විට නායකයින්ගේ සමුළු අළලා දැවැන්ත පෙළපාලි සංවිධානය කෙරේ.

G20හි ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා 2018 දී දහස් ගණන් පෙළපාලිකරුවන් බුවනෝස් අයර්ස් වෙත එක්විය.

ධනේශ්වර විරෝධී විරෝධතාකරුවන් හැම්බර්ග්හි 2017 සමුළුව වටා කැරලි ගැසූ අතර, 2018 දී රියෝ ද ජැනයිරෝහි සහ 2010 දී ටොරොන්ටෝහි පැවති G20 සමුළු අතරතුර දහස් ගණන් විරෝධතාකරුවන් පෙළපාලි පවත්වනු ලැබීය.

2009 දී වැඩ නිමවී නිවස බලා යමින් සිටි පුවත්පත් අලෙවිකරුවෙකු වූ ඉයන් ටොම්ලින්සන් ලන්ඩනයේ පැවති G20 සමුළුවට එරෙහි විරෝධතාවක් අසල දී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක් විය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

GSMB Chairman, Director General operating sand racket – Mannapperuma

Read Next

ආපහු රටට ගේන්න හදන බාල කෘෂි රසායන සොයන කූට ජාවාරමකට මඟ හැදෙන හැඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!