Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බඩවියත රැකගන්න නෙළුම් අල හාරන සිත්තරගම මිනිස්සු

divaina.lk

තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිත්තරම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි නෙළුම් වැවේ ගිණි කාෂ්කට අවුවේ ජීවිතය සොයා පොළොව හාරන පිරිසක් අප කැමරාවේ මෙලෙස සටහන් විය.

මේ දිනවල තණමල්විල හා අවට ප‍්‍රදේශවලට පවතින්නේ දැඩි නියං සහිත කාෂ්ඨක තත්වයකි. මේ තත්වය හමුවේ ප‍්‍රදේශයේ බොහොමයක් වැව්වල ජලය සිදීගොස්ය. පවතින තත්වය හමුවේ මේ දිනවල කිසිදු ගොවිතැනක් බතක් කරගැනීමට නොහැකිව සිටින බොහෝ දෙනකු නෙළුම් වැවට පැමිණ නෙළුම් අල හෑරීමේ නිරත වන්නේ බඩසා වියත රැුක ගැනීමට කීයක් හෝ පනම් හතරක් සොයා ගැනීමටය.

අපි පාන්දර 07.00ට විතර තමයි වැවට එන්නේ. ඒ ඇවිත් පුළුවන් තරම් වෙලා නෙළුම් අල හාරනවා. මහා කාෂ්ඨක අව්ව නිසා ඇත්තටම මේ වැඬේ අමාරුයි. නමුත් මොනවා කරන්නද ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕන නිසාත් මේ දිනවවල කරන්න වෙන කුළී වැඩත් නැති නිසා මේ විදියට නෙළුම් අල හාරනවා. කිලෝ එකක් වන මේ එක මිටියක් රුපියල් 100කට තමයි විකුණන්නේ. දවස් දෙක තුනක් පොළව හාරලා එකතු කරගන්න නෙළුම් අල ටික තව දවස් දෙක තුනක් පාර අයිනේ තියාගෙන විකුණන්න ඕනේ. කොළඹ ඉදන් එන වාහනවල අය තමයි මේවා මිලදී ගන්නේ. මේ ඔක්කොම කරන්නෙ ජීවත් වෙන්න කාන්තාවක් අප සමග පැවසුවාය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

වඳුරු පනත (02) – (සූකර සංහාරය සහ හස්ති පරිත්‍යාගය)

Read Next

Experts from Switzerland conducts knowledge-sharing session on organic agro-ecosystem

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!