Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පොලිසියේ නවතා තිබූ බසය වෙත පා ගමනින් ආ කොන්දොස්තරට වන අලි ප්‍රහාරයක්

සීගිරිය විශේෂ – dinamina.lk

කොන්දොස්තර මරුට

පොලිසිය ඉදිරිපිට නවතා තිබෙන බස් රථය වෙත පා ගමනින් ගමන් කරමින් සිටි කොන්දොස්තරවරයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.

සීගිරිය පොලිසිය ආසන්නයේදී පසුගියදා උදෑසන හයයි තිහට පමණ රාත්‍රියේ නවතා ඇති බස් රථය නැවත සේවය සඳහා යෙදවීමට පා ගමනින් එමින් සිටී දඹුල්ල ඩිපෝව කොන්දොස්තරවරයෙකුට බස් රථය පෙනි පෙනී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ සීගිරිය ප්‍රදේශයේම පදිංචි එස්.එස්.ආර්. බොරගොල්ල, 48 හැවිරිදි දඹුල්ල බස් ඩිපෝවේ සේවය කරන කොන්දොස්තරවරයෙකි.

සීගිරිය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ ගමන් පහසුව සඳහා දඹුල්ල බස් ඩිපෝව මඟින් මෙම බස් රථය සීගිරිය පොලිසියේ රාත්‍රියේ නවතා උදෑසන සීගිරිය ප්‍රදේශයේ දරුවන් පාසල් වෙත රැගෙන යෑම දිනපතා සිදු වෙන බව ජනතාව පවසයි.

දින දෙකකට ඉහතදී උදෑසන රියැදුරු මහතා, මියගිය කොන්දොස්තර මහතා සමඟ රාත්‍රී නවතා තිබූ බස් රථය අසලට ගමන් කරමින් සිටියදී මියගිය කොන්දොස්තර මහතා මඳ දුරකින් මාර්ගයේ පා ගමනින් එද්දී ඊට මඳ දුරක් පසුපසින් එහි රියැදුරු මහතා ද එමින් සිට තිබේ. උදෑසන හයයි තිහ පමණ වී තිබුණු නිසා මාර්ගයේද බොහෝ දෙනෙකු සිට ඇත.

එක්වරම මාර්ගය හරහා පැමිණි වන අලියෙකු කොන්දොස්තරවරයාට පහරදී මාර්ගයෙන් ඉවතට දමා වන අලියාගේ හිස කොන්දොස්තරවරයාගේ හිස මතට තබා තද කොට විලාප තබමින් පැන ගිය බව සිද්ධිය දුටු අසල්වැසි පිරිස් සඳහන් කරන්නට වූහ.

මෙම පහර දීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව වහා මෙම කොන්දොස්තරවරයා සීගිරිය රෝහල්ට ඇතුළත් කොට දඹුල්ල රෝහලටත් පසුව මාතලේ මහ රෝහලටත් මාරු කර යැවූ බව පොලිසිය පවසයි.

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බස් කොන්දොස්තර එස්.එස්.ආර්. බොරගොල්ල මහතා පෙරේදා 15 වැනිදා මියගිය බව සීගිරිය පොලිසිය පවසයි.

දවල් රාත්‍රී වෙනසකින් තොරව සීගිරිය ප්‍රධාන මාර්ගයේ වන අලින් නිසා ගමන් කරන බොහෝ දෙනෙකු වන අලින්ගේ පහරකෑම්වලට ලක් වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියට ඩොලර් බිලියන 6.4ක් වන්දි අය කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්න

Read Next

ඩොලරය බසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!