
මෙවර වෙසක් උත්සවයට ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් නිමවූ වෙසක් සැරසිලි භාවිත නොකරන ලෙස පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් දැවැන්ත පරිසර හානියක් සිදුවීම සහ ඒවා මෙරටට ගෙනඒමට විශාල මුදලක් වැයවීම හේතුවෙන් මෙම ඉල්ලීම කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
මෙරටට ගෙන්වන පොලිතින් හා ප්ලාස්ටික් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 5800ක් වැයවන බවත්, එම තොග ටොන් 177,197ක් පමණ රැුගෙන එන බවත් පරිසර අමාත්‍යාංශය කියයි.
ප්ලාස්ටික් සහ පොලිතින් පරිසරයට බැහැර කිරීමෙන් විශාල හානියක් සිදුවන බැවින් වෙසක් සැරසිලි සඳහා හැකිතාක් ස්වාභාවික ද්‍රව්‍ය යොදාගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය ඉල්ලා සිටී.
අකිත පෙරේරා
තොරතුරු මූලාශ්‍රය
https://divaina.com/daily/index.php/puwath-2/58475-2021-05-17-14-34-41