Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පොකුණුවිට පොල් ඉඩමක් පූජා භූමියක් කළ ගැසට්ටුව බල රහිත කරමින් රිට් ආඥාවක්

නෙල්කා මැදගෙදර – dinamina.lk

පොකුණුවිට ප්‍රදේශයේ පෞද්ගලික පොල් ඉඩමක් පොකුණුවිට කිත්සිරි මෙවන් රාජමහා විහාරයට අයත් පූජා භූමියක් බවට ප්‍රකාශයට කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.

අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අවසර දෙමින් අභියාචනාධිකරණය විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඩී. එන්. සමරකෝන් සහ නිල් ඉද්දවෙල මහත්වරුන් විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී .

හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඩබ්ලිව්. ආර්. ඩී. ඩබ්ලිව්. තිළිණි රත්නායක විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.

එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර සංවර්ධන ඇමැතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

සිය මව්පියන්ගෙන් උරුම වූ පොකුණුවිට ප්‍රදේශයේ පිහිටි අරඹවත්ත නමැති පොල් ඉඩමක් අවුරුදු 50ක පමණ සිට භුක්ති විඳිමින් සිටි බව පවසන පෙත්සම්කාරිය එහි සම අයිතිකාරිය වන බව සඳහන් කළ බව තීන්දුවෙහි සඳහන් වේ.

පොකුණුවිට රාජමහා විහාරවාසී එක්නැලිගොඩ ඉන්ද්‍රසුමන හිමියන් මේ ඉඩමට අයිතිවාසිකම් ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකරයක් ද පවතින බව එහි සඳහන් වේ.

තොරතුරු මූලාශ්‍රය

පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු අනුව නාගරික සංවර්ධන පනත යටතේ කිසිදු ඉඩමක් පූජා භූමියක් බවට ප්‍රකාශ කිරීමට ඇමැතිවරයාට බලයක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළේය.

එසේම පෙත්සම් විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත නොහැකි බව අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ කිත්සිරිමෙවන් රාජමහා විහාර පුණ්‍ය භූමියට අයත් බවට ප්‍රකාශ කරමින් 2009 මාර්තු මස 13 වැනිදා විෂය භාර ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරමින් සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි අතර, රජයේ නීතිඥ මිහිරි ද අල්විස් මහත්මිය වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

Chandana Sesath Jayakody

Read Previous

වැලි ජාවාරම්කරුවන් අල්ලන්න පොලිසිය මහවැලි ගඟට බසී

Read Next

Court annuls Gazette declaring coconut land as temple property

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!