Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

  • රංග සිරිලාල්
  • BBC සිංහල

ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචාරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි.

ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ වන විට රටේ පැනනැගී ඇති තත්ත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම අවිනිශ්චිත බව මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කොරෝනා ආසාදනය වන පුද්ගලයින්ගෙන් 90% කටත් වඩා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුවෙමින් තිබියදීත්, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම විවෘතව ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාවල සීඝ්‍ර වර්ධනයක් ඔවුන් දකින නමුත්, සාර්ථක එන්නත ලබා දීම නිසා, එම රටවල මරණ පෙර රැලි වලට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, එතරම් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර නොමැති රටවල ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නියත විනාශයක් සිදු කරනු ඇති බව පවසමින් ඇය වැඩිදුරටත් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ තත්ත්වය එවැනි රටවලට තවමත් සම කළ නොහැකි බවයි.

“ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇදහිය නොහැකි වේගයකින් සිදු වුවද, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද අනුපාතය රට සම්පූර්ණයෙන් ලිහිල් කිරීමට (සංචරණ සීමා ඉවත් කිරීමට) අපට ප්‍රමාණවත් නොවේ,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසීය.”එම නිසා අපේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතුයි. නිසි කලට පෙර ලිහිල් කිරීම ඉතා ඉහළ මරණ අනුපාතයකට තුඩු දෙනු ඇත.”

ඇය වැඩිදුරටත් පැවසුවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට බරපතල තත්වයකට මුහුණ දී සිවින බවයි.ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් -19 වසංගතයට ගොදුරු වෙමින් සිටින බොහෝ රටවල් විසින් වර්තමානයේ අත්විඳ ඇති තත්ත්වයට මේ වන විට ශ්‍රී ලංකාවද මුහුණ දෙමින් සිටින බවට ඇය පැවසීය.

සම්පූර්ණ ලිපිය කියවන්නhttps://www.bbc.com/sinhala/sri-lanka-58104707

Chandana Sesath Jayakody

Read Previous

Righting the Ship: The X-Press Pearl disaster and the imperative for regional maritime cooperation

Read Next

Sri Lanka gets tourism investments despite Coronavirus pandemic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!