Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පිට පිට භූ කම්පන දෙකකින් තුර්කිය සිරියාව යළි දෙදරයි

dinamina.lk

ජනතාව භීතියෙන් හිස් ලූ ලූ අත දිව යයි

ලෙබනනයට සහ ඊජිප්තුවටත් බලපෑම්

ඉතිහාසයේ දරුණුතම භූ කම්පනයකට මුහුණ දුන් දකුණුදිග තුර්කියේ සහ උතුරුදිග සිරියාවේ පෙරේදා රාත්‍රී පිට පිට භූ කම්පන දෙකක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී 8.30ට පමණ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් ඒකක 6.4ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවී මිනිත්තු කිහිපයකට පසු රිච්ටර් මාපකයේ 5.8ක අගයකින් යුතු තවත් භූ කම්පනයක් සිදු වී ඇතැයි වාර්තා වේ.මේ භූ කම්පන දෙකම සිදු වී ඇත්තේ පුද්ගලයන් හතළිස්අට දහසකට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ භූ කම්පනය සිදු වූ පළාත් ආශ්‍රිතවමය. පසුගිය දින කිහිපය පුරා දැඩි භීතියකින් පසු වූ ජනතාව පෙරේදා භූ කම්පනයත් සමඟ හිස් ලූ ලූ අත දිව ගිය බව ද වාර්තා වේ. ඊජිප්තුවට සහ ලෙබනනයට ද මේ භූකම්පන දැනී ඇති අතර, දැඩි ශීත දේශගුණය නොතකා ජනතාව පවුල් පිටින් වීදි බැස ආරක්ෂකාරී ස්ථාන සොයා දිව ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

භූ කම්පනයෙන් පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පුද්ගලයන් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ලංකාවට

Read Next

Tonnes of non-biodegradable solid waste dumped by pilgrims in Sri Pada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!