Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පාම් තෙල් තහනම ගැන සාකච්ඡා කිරීමට මලයාසියානු සහ ඉන්දුනිසියානු තානාපති නිලධාරීන් වෙළෙඳ ඇමති හමුවෙයි

මෙරට මලයාසියානු මහ කොමසාරිස්වරයා හා ඉන්දුනිසියානු තානාපතිවරයා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී තිබේ.

වෙළෙඳ අමාත්‍යංශයේ පැවති එම හමුවේදි ශ්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරිමට පනවා ඇති තහනම පිළිබඳ ව සාකච්ඡා වු බව වෙළෙඳ අමාත්‍යංශය නිවේදනය කළේය.

ඇතැම් ආනයනයකරුවන්ගේ ගැටලු පදනම් කර ගනිමින් පිරිපහදු නොකළ පාම් තෙල් ආනයනය තහනම් කර ඇති බව එහිදී පෙන්වා දී ඇති බන්දුල ගුණවර්ධන මහතා කර්මාන්ත සඳහා ගුණාත්මකභාවයෙන් යුතු පිරිපහදු කළ පාම් තෙල් ගෙන්වීමට රජය කටයුතු කරන බව පැවසීය.

එම ආනයන කටයුතු සඳහා දේශිය ව්‍යවසායකයින්ට බලපත්‍රයක් ලබාදීමට නියමිත බව ද ඔහු පැවසූ බව එම නිවේදනයේ දැක්වේ.

තොරතුරු මූලාශ්‍රය

http://sinhala.adaderana.lk/news.php?nid=152197

Admin

Read Previous

Navy clears blockage under Wakwella bridge, Galle

Read Next

Wildlife Bungalows and Camp-sites off limits due to COVID-19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!