
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරිම වෙනුවෙන් පරිසර අමාත්‍යංශය නිෂ්පාදන කිහිපයක්ම ඉකුත් කාලයේ තහනම් කළේය. එලෙසම තවත් ඒ ආශ්‍රිත නිෂ්පාදන ලැයිස්තුවක් ඉදිරියේදී තහනම් කිරීමට යෝජනා වී තිබේ. ඒවා තහනම් කිරීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ඊට විකල්ප පරිසර හිතකාමි නිෂ්පාදන තිබියදීත් එම නිෂ්පාදන සිදු කිරීමයි. මිලිලිටර් 750 හේ ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කිරීම සදහා විකල්ප වැඩපිළිවෙලක් යෝජනා කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිෂ්පාදන සමාගම්වලට හා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ.
මෙම බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී ඇත. එම නිසා මිලිලිටර් 750 ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්නා විට කිසියම් මුදලක් තැන්පතුවක් ලෙස තබා ගන්නා ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. හිස් බෝතලය නැවත භාරදී අදාල තැන්පතු මුදල යලි ලබා ගත හැකිය. හිස් බෝතලය ඉවතට විසි කළත් වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර භාරදීම මගින් අමතර ආදායමක් උපයා ගත හැකිය. දැනට යෝජනා වී ඇති තැන්පතු මුදල රුපියල් 10 කි. මෙවැනි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි ද පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත.
තොරතුරු මූලාශ්‍රය
ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා ක්‍රමවේද සොයා බැලේ.