
සන්ධ්‍යා කරුණාරත්න – dinamina.lk
කොවිඩ් මර්දනය සඳහා පසුගිය දින පහ තුළදී බූස්ටර් එන්නත් මාත්‍රා මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 408,898ක් ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
සමස්තයක් ලෙස මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රා 5,724,507 ක් ලබාගෙන ඇති බව ද එම අංශය සඳහන් කරයි. කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රා 16,783,298ක් ද, දෙවැනි මාත්‍රා 14,010,772ක් ද ලබාගෙන තිබේ. සමස්තයක් ලෙස මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 617,189 ක් වාර්තා වී ඇත. බූස්ටර් එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රධාන රෝහලකින් ලබා ගැනීමට හැකි බව ද සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.
සන්ධ්‍යා කරුණාරත්න