
mawbima.lk
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු විකිණීමට ඇති පොල් ලක්ෂ දාහතකට අධික සංඛ්‍යාවක් ගබඩාවල ම පැළවීමේ තත්ත්වයක් මතු වී ඇතැයි පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ ‘මව්බිම’ ට පැවසීය.
හොරකැලේ, මරණවිල සහ පොල් ත්‍රිකෝණයට අයත් ගබඩාවල පොල් තොග මසකට අධික කාලයක් තිස්සේ විකුණාගත නොහැකිවීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය නිසා වෙළෙඳුන් පොල් මිල දී ගැනීම සඳහා ගබඩාවලට නොපැමිණීම ඊට බලපා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
මෙසේ නිෂ්පාදන තම ගබඩාවල ගොඩ ගැසීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ආදායම්වලට මරු පහරක් බව ද හෙතෙම පැවසීය.
මෙම අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා පොල් මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ට අවශ්‍ය ඩීසල් යම් ප්‍රමාණයකින් හෝ ලබා දෙන ලෙස තම විෂය භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.