Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පරිසර හිතකාමී නව ආරක්ෂිත හිස් ආවරණයක්

බුද්ධිකා ඉඹුලාන – dinamina.lk

දේශීය පුද්ගලික සමාගමක් වන Coir Creations පුද්ගලික ආයතනය විසින් නිපදවූ පරිසර හිතකාමී නව ආරක්ෂිත හිස් ආවරණයක්(Safety Helmet) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිරිනැමීම එම අමාත්‍යංශයේදී ඊයේ(09) සිදු කෙරිනි.මෙම නව නිෂ්පාදනය ඇතුළු පොල් කොහු භාවිතා කරමින් එම සමාගම විසින් සිදු කරන ලද නව නිෂ්පාදන කිහිපයක්ද මෙහිදී ඇමැතිවරයා වෙත හඳුන්වා දෙන ලදි.

සියයට 100ක්ම පොල් කොහු භාවිතා කරමින් නිපදවා ඇති මෙම හිස් ආවරණය (Eco-Coir Safety Helmet) දැනට අප රටේ භාවිතා කරන ආනයනික හිස් ආවරණවලට වඩා පරිසර හිතකාමි එමෙන්ම ආරක්ෂීත හිස් ආවරණයක් ද වේ.

ප්ලාස්ටික් හා වෙනත් කෘත්‍රිම අමුද්‍රව්‍ය භාවිතා කරමින් මේ වනවිට නිපදවා ඇති ආරක්ෂීත හිස් ආවරණවලට වඩා මෙම කොහු කෙඳිවලින් නිපදවා ඇති ආරක්ෂීත හිස් ආවරණය සෞඛ්‍ය සම්පන්නභාවයෙන්ද යුක්ත වේ.

විශේෂයෙන් හිරු එළිය උරා ගැනීම, පහසුවෙන් සෝදා පිරිසිදු කර ගැනීමට හැකිවීම , අඩු බරකින් යුක්තවීම, වියළි කාලගුණික තත්ත්වයක දී වුවද හිසට කිසිදු අපහසුවක් නොදැනීම, පාරජම්බුල කිරණවලින් හානියක් නොවීම, අනෙකුත් හෙල්මට් භාවිතයේදී මෙන් දුර්ගන්ධයෙන් තොරවීම, ස්වාභාවික හා පරිසර හිතකාමී මෙන්ම පරිසරයට මුදා හැරීමෙන් පසු ඉක්මනින්ම දිරාපත් වීම ද මෙම කොහු කෙඳිවලින් නිෂ්පාදිත ආරක්ෂිත හිස් ආවරණයෙන් ලැබෙන ප්‍රතිලාභ බව එම ආයතන නිලධාරිහු පැවසූහ.

එමෙන්ම මෙම සමාගම විසින් වහළවල් සඳහා යොදා ගත හැකි Corrugated Coir Fiber Roofing Sheet ද කොහු කෙඳි ආශ්‍රිතව නිපදවා තිබේ. විශේෂයෙන් ඇස්බැස්ටස් තහඩු වහළ සඳහා යෙදීම පාලනය සඳහා මෙම වසරේ සිට නව නීති පැනවීමට යෝජිත බැවින් ඊට විකල්පයක් වශයෙන් කොහු කෙඳි භාවිතයෙන් නිපදවා ඇති මෙම ශක්තිමත් වහළ ආවරණ තහඩු ද ඉතාමත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් වේ.

ජලය ආශ්‍රිතව සිදුවන තෙල් විසිරීම්වල දී ජලය දූෂණය වීම වළක්වා ගැනීමට යොදා ගත හැකි තෙල් උරා ගන්නා නිෂ්පාදන කිහිපයක් ද( Coir Sorbents )මෙහිදී හඳුන්වා දෙනු ලැබීය. මුහුදේ ගිළී ගිය එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් සිදුවිය හැකි පරිසරය හැනිය වළක්වා ගැනීමට උචිත කොහුවලින් නිපදවන ලද කඹයක් ( Anaconda) මෙන්ම ඉන්ධන උරා ගන්නා උපකරණයක් ද මෙහිදී අමාත්‍යවරයාට හඳුන්වා දුන්නේය.

මේ අවස්ථාවට එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සි. ජේ. ගමගේ, කණ්ඩායම් ප්‍රධානී එන්. කාව්‍යා මහත්ම මහත්මීහු සහභාගි වූහ.

http://www.dinamina.lk/2021/06/10/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/123999/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93-%E0%B6%B1%E0%B7%80-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A

Chandana Sesath Jayakody

Read Previous

Effluent Tax coming via new Environmental Act

Read Next

නැවේ කළු පෙට්ටියේ යතුරු නැහැ !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!