
2021.09.16
මාධ්‍ය නිවේදනය
නඩු අංක – B 23073/01/15
අද දින (16) ඉහත නඩුකරය අධිකරණ අංක 07 හිදී කැඳවනු ලැබීය.එහිදී මෙම නඩුකරය හා සම්බන්ධව නඩු භාණ්ඩ වශයෙන් පවතින අලින් මුදාහැරීම හා සම්බන්ධ නියෝගය ලබාදුන් ගරු එස්.ප්‍රභාකරන් විනිසුරුවරයා ඉදිරියේදී මෙම නඩුකරය කැඳවන ලදී. එහිදී වෙනත් පාර්ශ්වයකට ඉදිරිපත්වීමට නොහැකි බව පවසමින් සහ ඔවුන්ගේ කරුණු දැක්වීම් ඉදිරිපත් කිරීමටත් ඉඩ ලබාදිය නොහැකි බව පැවසීම හේතුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රමුඛ තවත් සත්ත්ව අයිතීන් රැකගැනීම වෙනුවෙන් ක්‍රියාකාරන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි අනෙකුත් නීතිඥ කණ්ඩායම, තමන්ට මෙහිදී කරුණු දැක්වීමට ඇති අයිතිය හා සම්බන්ධව දිගින් දිගටම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
අලි හිමියන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරු සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද බාධා මධ්‍යයේ මෙකී නඩුව සඳහා මැදිහත්වීමට නෛතික පුද්ගලභාවයක් නොමැති බවට ගෙන ආ තර්කයට එරෙහිව නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුලු නීතිඥ කණ්ඩායම විසින් කරුණු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය නිශ්ඵල විය.
ගරු විනිශ්චයකාරවරයා විසින් මේ වන විට ලබා දී තිබෙන නියෝගය දෝෂ සහගත බවට හෝ නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඉහළ උසාවියකට ගොස් තම තීරණය නිවැරදි නොවන බවට නඩුවක් ගොනුකර එම කටයුතු සිදුකරගන්නා ලෙසට දැනුම් දෙන ලදී. එසේම අද දිනයේදීත් අංක 206 දරණ ඇතින්න සහ එම ඇතින්නට අයත් පැටවා නඩු භාණ්ඩ වශයෙන් පවතින විටදී අදාල නඩු භාණ්ඩ සන්තකයේ තිබූ පුද්ගලයාට මුදාහරින ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීමට නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුලු නීතිඥ කණ්ඩායම විසින් විරුද්ධ වෙමින් එවන් ඉල්ලීමක් සිදුකරන්නේනම් එය විමසිය යුත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වන බව දැන්වීය.
එහිදී වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඔවුන් මුදාහැරීමට ගැටලුවක් පවතින බවයි.ඒ් අනුව ඒ් හා සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගරු විනිසුරුතුමා විසින් දන්වා සිටියෙන්, අද දින සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා මුදාහැරීම වලක්වා ගැනීමට තව දුරටත් හැකියාව ලැබිණි.
මාධ්‍ය අංශය
පරිසර යුක්ති කේන්ද්‍රය