Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පරිසර අමාත්‍යාංශය ආක්‍රමණශීලි ශාකවලින් වල්නාශකයක් නිපදවයි

බුද්ධිකා ඉඹුලාන – dinamina.lk

පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාක වර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වභාවික වල්නාශකයක් නිපදවීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක, කාබනික වගා වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වමින් මේ පියවර ගැනෙන අතර, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමඟ රසායනික කෘමි නාශක හා වල් නාශක භාවිතයද මෙහිදී තහනම් කෙරෙන බැවින්, වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

රසායනික පොහොර සමඟ කෘමි නාශක හා වල් නාශකද තහනම් කෙරෙන බැවින් තේ හා රබර් කර්මාන්තයේදී මෙන්ම වී ගොවිතැනේදී ද අවශ්‍ය තරම් මිනිස් ශ්‍රමය ගැනීමට ඇති අපහසුව නිසා ගොවීහු මෙන්ම වගාකරුවෝද දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති. එම නිසා ඊට විසඳුමක් වශයෙන් මෙරට ශීඝ්‍රයෙන් හානි කර ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන මේ ආක්‍රමණික ශාක වර්ග යොදා ගනිමින් සාර්ථක වල් නාශකයක් නිපදවීමේ හැකියාවක් පවතී. එමෙන්ම එය සියයට සියයක්ම රසායනික භාවිතයෙන්ද තොර වේ. මේ ආක්‍රමණික ශාක බහුල වශයෙන් පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටද යෝජනා වී ඇත. මේ සම්බන්ධ වැඩි දුර සාකච්ඡාවක් අද (19) හම්බන්තොට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයා විසින් ආරම්භ කර තිබෙන මෙරට කාබනික ගොවිතැනට පරිසර අමාත්‍යාංශය පූර්ණ සහයෝගය දක්වන අතර, කාබනික ගොවිතැන නැංවීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීමට සූදානම් වන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ අනුබද්ධ ආයතනවල සියලුම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බුද්ධිකා ඉඹුලාන

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

තවත් බාහාලුම් නෞකාවක ඉන්ධන කාන්දුවක්

Read Next

කාබනික පොහොර නිපදවන ගොවීන්ට හෙක්ටයාරයකට රු. 10,000ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!