
mawbima.lk
නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වනවිට වාන් දැමීමට පටන්ගෙන ඇත. එහි ජල මට්ටම උපරිම ධාරිතාව වන අක්කර අඩි එක්ලක්ෂ දහසය දහස දක්වා ඉහළ නැඟීමෙන් පසුව ජලාශයේ වාන් ෙදාරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීය.
එමඟින් තත්පරයකට ඝන අඩි 1400ක ජල ප්‍රමාණයක් පිටතට ගලායන බව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉන්ජිනේරු අංජන අබේසිංහ ප්‍රකාශ කළේය. ඒ අනුව එම පිටාර ජලය අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට එක්වන බවද හෙතෙම කීය.
පොළොන්නරුව – අනුරාධ විශ්වනාත්