
ගිලෙමින් පවතින එම්. වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් යම් කිසි තෙල් විසිරීමක් වුවහොත්,එය පාලනය කිරීම සඳහා විසිරුම් කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ” සමාරක්ෂා” නෞකාව ඒ ආසන්නයට යොමු කර ඇති බව වාර්තා වනවා.
නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ.
එලෙස රැගෙන යන අතර වාරයේ යම් කිසි තෙල් විසිරීමක් සිදු වුව හොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමටයි සමාරක්ෂා නෞකාව කැඳවා ඇත්තේ.
පරල් නෞකාවෙන් තෙල් විසිරුණොත් ආරක්ෂාවට නෞකාවක්.