Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමූ 18ක් අත්අඩංගුවට

adaderana.lk

පරිසරයට හානි වන ආකාරයෙන් නීතිවිරෝධී ලෙස වැලි කැනීම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු මුලතිව්, සිත්තාරු ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

22 වන පාබල සේනාංකය යටතේ 4වන විශේෂ බළකාය සහ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුවේ ඩ්‍රෝන කණ්ඩායම විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

එහිදී බෝට්ටු 4 ක් සහ ටිපර් රථ 3 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

නීතිවිරෝධී ආකාරයෙන් වැලි කැනීම් කටයුතු සිදුකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද යුද හමුදාව සඳහන් කරයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

CEJ Send Comments to The Expert Committee of The Ministry of Justice on Xpress Pearl Disaster

Read Next

මසකට මැටි කියුබ් තුනක් දක්වා ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!