Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්

dinamina.lk

ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝක් නගරයේ අප ජලයෙහි පෝලියෝ වෛරසය පවතින බවට සාධක හමුවී ඇති බව නිව්යෝක් සෞඛ්‍ය අංශ නිවේදනය කිරීමත් සමඟ මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර තිබෙයි.

නිව්යෝක් නගරයේ තුළ පෝලියෝ වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බවයි බලධාරීන් පෙන්වා දෙයි.

1955 වසරේ ඇමරිකාවෙන් පෝලියෝ රෝගීන් බහුලව වාර්තා වූ අතර ඒත් සමගම එන්නත්කරණය ආරම්භ කර තිබෙයි

1979 වසරේ දී ඇමරිකාවෙන් පෝලියෝ රෝගය තුරන් කළ බව නිවේදන කළ ද නිව්යෝක් නගරයේ එන්නත්කරණය පහළ මට්ටමක පැවතීම වෛරසය යලි ව්‍යාප්ත වීමේ අවධානම ඇති වී තිබෙයි. ඒ හේතුවෙන් වෛරසයට එරෙහි එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

චීන පොහොර නැව අපිට තිබ්බ ඩොලර් පොල්ල

Read Next

නිරාවිය සත්ත්ව ගොවිපොළේ නි.සාමාන්‍යාධිකාරි ඇතුළු 5කට උසාවි යන්න නියෝග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!