
CA WR 401 / 2012
මොණරාගල දිස්ත්‍රික්කයේ නෙල්ලියද්ද ගම්මානයේ නිල්ගල රක්‍ෂිතය තුළ සිදු කරන අනවසර දැව කපා හෙලීම නවතා දමන ලෙසටත්, එසේ කපා දමන ලද නීිති විරෝධී බුරුත දැව සඳහා අදාළ වගඋත්තරකාර පාර්ශවයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් බලකරමින්, මොණරාගල ඌව පළාත්බද මහාධිකරණයේ අංක HC WA 02/2012 දරණ නඩුව අනුව යමින් කොළඹ අභියාචනාධිකරණයේ මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුකරයක් ලෙස මෙය ඉදිරිපත් කරන ලදී.
මෙහි වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය, දැව ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ නීතිපතිතුමා නම් කොට ඇත.