
divaina.lk
නිරෝධායන ඇදිරි නීතිය මධ්‍යයේ ව්‍යාජ බලපත්‍රයක් යොදාගෙන මන්නාරම මඩු රක්ෂිතයේ වනය එළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා ඒ සදහා යොදා ගෙන තිබූ බැකෝ යන්ත්‍රයක් මඩුපාර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දා අත් අඩංගුවට ගෙන ඇත.
මඩු රක්ෂිතයේ පරප්පකණ්ඩාල් ප්‍රදේශයේ මහා වනය එළි කරමින් සිටියදී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.